Home උණුසුම් පුවත් විදුලිය පාවිච්චි කරන හැටි උපදෙස් මාලාවක් අද නිකුත් කෙරේ

විදුලිය පාවිච්චි කරන හැටි උපදෙස් මාලාවක් අද නිකුත් කෙරේ

විදුලිය පාවිච්චි කරන හැටි උපදෙස් මාලාවක් අද නිකුත් කෙරේ

විදුලිය භාවිත කළ යුතු ආකාරය පිළිබඳ විශේෂ උපදෙස් මාලාවක් අද (13) නිකුත් කරන බව මහජන උපයෝගීතා කොමිෂන් සභාව පවසයි.

එහි සභාපති ජනක රත්නායක මහතා සඳහන් කලේ ගෘහස්ථ, පෞද්ගලික සහ රාජ්‍ය ආයතන වශයෙන් වෙන් වෙන්ව විදුලිය භාවිත කළ යුතු ආකාරය පිළිබඳව එම උපදෙස් මාලාවට අඩංගු වන බවය.

පවතින අර්බුදකාරි තත්ත්වය තුළ දෛනික පරිභෝජනයෙන් මෙගාවොට් 300 ක විදුලි ධාරිතාවක් දක්වා අඩු කර ගැනීම මෙලෙස උපදෙස් මාලාව නිකුත් කිරීමේ ප්‍රධාන අරමුණ වන බවද ඔහු පැවසීය.

විදුලිය අර්බුදයක් පවතින මෙවැනි මොහොතක දෛනිකව භාවිත කරන විදුලි ඒකක ප්‍රමාණය ක්‍රමක්‍රමයෙන් වැඩිවීම ගැටළුවක් බවද ඔහු සඳහන් කළේය.

ඉදිරියේදී විදුලි කප්පාදුවකින් තොරව පද්ධතිය පවත්වාගෙන යාමට නම් මෙවැනි තීරණ ගැනීම අත්‍යවශ්‍ය බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක වැඩිදුරටත් පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here