Home උණුසුම් පුවත් බෝකුන්දර පාලම පැත්තෙන් ගමන් සීමාවෙයි

බෝකුන්දර පාලම පැත්තෙන් ගමන් සීමාවෙයි

බෝකුන්දර පාලම පැත්තෙන් ගමන් සීමාවෙයි

කොළඹ හොරණ මාර්ගයේ බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු අද සිට ආරම්භ වේ.

බෝකුන්දර පාලමේ සංවර්ධන කටයුතු හේතුවෙන් නැවත දැනුම් දෙන තුරු උදෑසන 6 සිට සවස 3 දක්වා කොළඹ දෙසට මංතීරු දෙකක් සහ හොරණ දෙසට මංතීරු එකක්ද, සවස 3 සිට පසුදා උදෑසන 6 දක්වා කොළඹ දෙසට මංතීරු එකක් සහ හොරණ දෙසට මංතීරු දෙකක් ද වශයෙන් ගමනාගමනය සීමා කෙරේ.

එබැවින් විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවට දැනුම් දෙයි.

එමෙන්ම උදෑසන 6 සිට උදෑසන 9 දක්වා සහ සවස 4 සිට රාත්‍රී 8 දක්වා මගී බස් රථ හැර සියලුම බරවාහන පාලම මතින් ගමනා ගමනය නතර කෙරෙන බව පොලීසිය දැනුම් දෙයි.

මෙම කාලය තුළ මාර්ග අවහිරතා වළක්වා ගැනීමට විකල්ප මාර්ග භාවිත කරන ලෙස පොලීසිය ජනතාවගෙන් ඉල්ලා සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here