Home උණුසුම් පුවත් ලාංකිකයෙකුත් තුවාල ලැබූ අබා ප්‍රහාරය ශ්‍රී ලංකා රජය හෙළාදකී

ලාංකිකයෙකුත් තුවාල ලැබූ අබා ප්‍රහාරය ශ්‍රී ලංකා රජය හෙළාදකී

ලාංකිකයෙකුත් තුවාල ලැබූ අබා ප්‍රහාරය ශ්‍රී ලංකා රජය හෙළාදකී

ශ්‍රී ලාංකිකයෙකු ඇතුළු ඇතුළු 12 දෙනකුට තුවාල ලබමින් සෞදි අරාබියේ අබා අන්තර්ජාතික ගුවන් තොටුපළට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාරය ශ්‍රී ලංකා රජය හෙළා දැක තිබේ. විදේශ අමාත්‍යාංශය මේ බව නිවේදනය කරයි.

ප්‍රහාරය එල්ල වී තිබුණේ පෙරේදා (10) දිනයේ ය.

ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ඉලක්ක කර ගනිමින් යේමනයේ කැරලිකරුවන් විසින් එල්ල කරන ලද ඩ්‍රෝන යානයක් සෞදි අරාබියේ හමුදාව විසින් විනාශ කළ විට සුන්බුන් වැටීමෙන් තුවාල ලැබූ සිවිල් වැසියන් 12 දෙනා අතර ශ්‍රී ලාංකිකයකු ද සිටින බව රාජ්‍ය මාධ්‍ය වාර්තා කළේය.

එක් ඉන්දියානුවෙක්, බංගලාදේශ ජාතිකයෙක්, නේපාල ජාතිකයන් තිදෙනෙක්, පිලිපීන ජාතිකයෙක් සහ ශ්‍රී ලාංකිකයෙක් එහිදී තුවාල ලැබූ විදේශිකයන් බවට වාර්තා විය.

තුවාල ලැබූවන්ගේ අනන්‍යතාව බලධාරීන් විසින් නිකුත් කර නොමැත.

සෞදි රාජකීය හමුදාවේ ප්‍රකාශක, ජෙනරාල් තුර්කි අල්-මල්කි පැවසුවේ, “බෝම්බ පිරවූ ඩ්‍රෝන යානයක් භාවිතා කරමින් ත්‍රස්තවාදී, ඉරානයේ පිටුබලය ලබන හවුති කැරලිකරුවන් විසින් අබා ජාත්‍යන්තර ගුවන්තොටුපළේ ගමන් කරන සිවිල් වැසියන් සහ කාර්ය මණ්ඩලය ඉලක්ක කිරීමට ගත් උත්සාහය සෞදි ගුවන් ආරක්ෂක විසින් ව්‍යර්ථ කරන ලදී. මෙම බාධා කිරීම් හේතුවෙන් බෝම්බ සහිත ඩ්‍රෝන යානයේ සුන්බුන් කිහිපයක් ගුවන් තොටුපළ පරිශ්‍රය පුරා විසිරී ඇති අතර සෞදි පුරවැසියන් දෙදෙනෙකු ඇතුළු සිවිල් වැසියන් 12 දෙනෙකුට සුළු තුවාල සිදු වූ බව” ඔහු නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.

එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලය විසින් මෙම ප්‍රහාරය ‘නීච’ ත්‍රස්ත ප්‍රහාරයක් යැයි පවසමින් දැඩි ලෙස හෙළා දැක ඇති අතර විපතට පත් වූවන්ගේ පවුල්වලට ශෝකය ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here