Home උණුසුම් පුවත් වනිඳුගේ IPL ලංසුව අතරේ වෙන්දේසිය හදිසියේම නවතා දමයි

වනිඳුගේ IPL ලංසුව අතරේ වෙන්දේසිය හදිසියේම නවතා දමයි

වනිඳුගේ IPL ලංසුව අතරේ වෙන්දේසිය හදිසියේම නවතා දමයි

ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ අද පැවැති ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩක වනිඳු හසරංග අලෙවි කිරීමට ලංසු තබන අවස්ථාවේ දී හදිසියේම තාවකාලිකව නවතා දමා ති‍බේ.

ඒ වෙන්දේසිය මෙහෙය වූ වෙන්දේසිකරු ලෙස කටයුතු කළ හ්‍යු ඇඩ්මීඩස් හදිසියේ බිම ඇද වැටීම හේතුවෙනි.

එම අවස්ථාවේදී වහාම ඔහු වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමු කෙරුණු අතර මේ වනවිටත් ඔහු සුවය ලබා ඇතැයි වාර්තා වේ.

කෙසේවෙතත් තවදුරටත් ඔහුගේ සෞඛ්‍ය තත්ත්වය නිරීක්ෂණය කිරීමට පියවර ගෙන ඇත.

[embedyt] https://www.youtube.com/watch?v=rGjmOGkxy28[/embedyt]

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here