Home උණුසුම් පුවත් “උසාවි නියෝගයක් අපිට ආවෙ නෑ – වර්ජනය හෙටත් ක්‍රියාත්මකයි”

“උසාවි නියෝගයක් අපිට ආවෙ නෑ – වර්ජනය හෙටත් ක්‍රියාත්මකයි”

“උසාවි නියෝගයක් අපිට ආවෙ නෑ – වර්ජනය හෙටත් ක්‍රියාත්මකයි”

සෞඛ්‍ය වෘත්තීයවේදීන් ආරම්භ කර තිබෙන වැඩ වර්ජනය සම්බන්ධයෙන් කිසිදු අධිකරණ නියෝගයක් අද (10) මේ මොහොත දක්වා තම සංගමයට ලැබී නැතැයි සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ සංගමයේ කැදවුම්කරු රවි කුමුදේශ් මහතා කීය.

එවැනි නියෝගයක් ලැබුණහොත් සුදුසු පරිදි කටයුතු කරන බවද ඔහු සඳහන් කළේය.

ගැටළු පහසුවෙන් විසඳීමට හැකියාව තිබියදී සෞඛ්‍ය බලධාරීන් ප්‍රජාතන්ත්‍ර විරෝධී හා දේශපාලනමය තීන්දු ගනිමින් තත්ත්වය තවත් අවුල් කරන බවද ඔහු සඳහන් කළේය.

සාමාන්‍ය පරිදි හෙට (11) දිනයේද වැඩ වර්ජනය ක්‍රියාත්මක කරන බවද කුමුදේශ් මහතා කීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here