Home උණුසුම් පුවත් හෙද වර්ජනය නවතන්න උසාවි නියෝගයක්

හෙද වර්ජනය නවතන්න උසාවි නියෝගයක්

හෙද වර්ජනය නවතන්න උසාවි නියෝගයක්

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් ආරම්භ කර ඇති වැඩවර්ජනය තවදුරටත් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණය වාරණ නියෝග දෙකක් නිකුත් කර තිබේ.

ඒ රජයේ හෙද නිලධාරීන්ගේ සංගමයට සහ එහි සභාපති සමන් රත්නප්‍රියට එරෙහිව ය.

රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය විසින් ක්‍රියාත්මක කරන වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය වහා අත්හිටුවන ලෙස නීතිපතිවරයා විසින් අද අධිකරණයෙන් වාරණ නියෝගයක් ඉල්ලා තිබුණි.

වෘත්තීය සමිති ක්‍රියාමාර්ගය හේතුවෙන් රෝගී සත්කාරවලට දැඩි බලපෑම් එල්ලවීම හේතුවෙන් රෝහල්වල පවතින කණගාටුදායක තත්ත්වය පිළිබඳව නීතිපතිවරයා අධිකරණයට දැනුම් දීමෙන් අනතුරුව මෙම වාරණ නියෝගය ඉල්ලා ඇත.

එමගින් රෝගීන්ගේ ජීවිත අවදානමට ලක්වන බැවින් වෘත්තීය සමිති වර්ජනය අඛණ්ඩව පවත්වාගෙන යාම වළක්වාලමින් කොළඹ දිසා අධිකරණ විනිසුරු අරුණ අලුත්ගේ මහතා වාරණ නියෝග දෙකක් නිකුත් කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here