තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්යාඥාවෙන් ලෙඩේ හොඳකරගන්න ගිහින් දරුවා මරුට- යළි පණදෙන්න යාඥාව දිගටම

    යාඥාවෙන් ලෙඩේ හොඳකරගන්න ගිහින් දරුවා මරුට- යළි පණදෙන්න යාඥාව දිගටම

    උණ සහ සෙම් රෝගයකින් පීඩාවිදි 10 හැවරදි දරුවෙකු වෛද්‍යවරයෙක් වෙත රැගෙන ගොස් ප්‍රතිකාර නොකර නිවසේ තබාගෙන දෙමාපියන් විසින් රෝගය සුව වීමට යාඥා කරමින් සිටීම හේතුවෙන් මිය ගොස් ඇත.

    අනතුරුව එම මිය ගිය දරුවාට ප්‍රාණය ලබා ගැනීමට යැයි කියමින් මළ සිරුර නිවසේ ඇදක් මත තබා උදේ හවා දින ගණනාවක්ම යාඥාකරමින් සිට ඇති බව පොලීසිය කියයි.

    මළ සිරුර නරක් වී දුඟද හැමීමට පටන් ගැනීමත් සමඟ ඒ බව අසල්වාසී නිවෙස්වල පදිංචිකරුවන් පොලීසියට දැනුම්දීමත් සමඟ ඊයේ පොලිසීය එම නිවසට ගොස් පරීක්ෂාකර තිබේ.

    මෙම සිදුවීම වී ඇත්තේ බඩල්ගම ආඩියාමුල්ලේය.

    පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කරනු ලැබුවේ මේ සම්බන්ධයෙන් සැකපිට දරුවාගේ මව පියා සහ මිත්තනිය අත්අඩංගුවට ගත් බවය.

    මෙම දරුවාගේ මෘත ශාරීරය මීගමුව රෝහලට පශ්චාත් මරණ පරීක්ෂණයක් සඳහා යොමු කළ බවත් අධිකරණයට කරුණු වාර්තාකළ බවත් මීගමුව කොට්ඨාශයභාර පොලිස් ප්‍රධානී ජ්‍යෙෂ්ඨ පොලිස් අධීකාරී සමන් සිග්‍රේරා මහතා පැවැසීය. දරුවාගේ මරණය සිදුවූයේ කවදාද යන්න සහ මරණයට හේතුව කුමක්ද යන්න ගැන පැහැදිලි තොරතුරක් දැන ගැනීමට හැකියාව ලැබෙන්නේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් බවද සමන් සිග්‍රේරා මහතා පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img