තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මහජන ආරක්ෂාව වෙනුවෙන් නව නීති

    මහජන ආරක්ෂාව වෙනුවෙන් නව නීති

    මේ වන විට අලුතින් රටපුරා ව්‍යාප්තව පවතින අයිස් ඇතුළු කෘතිම මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීමේදී පවතින නීති ප්‍රමාණවත් නොවන බැවින් විධිමත් ලෙස නීති පැනවීමටත් සංශෝධනය කිරීමටත් රජයේ අවධානය යොමුව තිබේ.

    රටේ පවතින වර්තමාන තත්ත්වය හමුවේ මහජන ආරක්ෂාව වෙනුවෙන් හඳුනාගත් ක්ෂේත්‍ර කිහිපයක නීතිරීති සම්පාදනය සහ යාවත්කාලීන කිරීම පිළිබඳව අධිකරණ අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවකදී මේ සම්බන්ධයෙන් විශේෂ අවධානයට යොමු වී ඇත.

    අධිකරණ අමාත්‍ය ජනාධිපති නීනීඥ අලි සබ්රි සහ මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් ආචාර්ය සරත් වීරසේකර මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පවත්වා තිබේ.

    මෙම රැස්වීමේදී ප්‍රධාන විෂය කාරණා හතක් සම්බන්ධයෙන් මූලික අවධානය යොමු වී ඇත.

    අත්අඩංගුවට ගන්නා මත් ද්‍රව්‍ය සාම්පල රඳවාගෙන තොග විනාශ කිරීමට අවශ්‍ය නීති සැකසීම සම්බන්ධව විශේෂ අවධානයක්ද මෙහිදී යොමු වී තිබේ.

    වින්දිතයන්ට සිදු විය හැකි අතිරේක හානි වැළැක්වීම සඳහාත් විශේෂයෙන්ම ළමයින් හා කාන්තාවන්ට සිදු වන අපරාධ සම්බන්ධ නීති කඩිනමින් විභාග කර අවසන් කිරීම සඳහාත් නීති සැකසීමටද මෙහිදී සාකච්ඡා වූ බව මහජන ආරක්ෂක අමාත්‍යාංශය සඳහන් කරයි.

    තම ජීවිත අවධානය නොතකා සිදු කරන මත් ද්‍රව්‍ය වැටලීම් වලදී පොලිස් ත්‍යාග අරමුදලට එක් වන මූල්‍ය ප්‍රතිශතය ඉහල දැමීම, දුරකථන සිම්පත් ලියාපදිංචිය ක්‍රමවත් කිරීම හා මුදල් විශුද්ධිකරණ පනත ශක්තිමත් කරමින් දේපල සම්බන්ධ නව නීති සැකසීමටත් මෙහිදී අවධානය යොමු විය.

    මෙම අවස්ථාව සඳහා අධිකරණ අමාත්‍යංශයේ ලේකම් එම්.එම්.පී.කේ.මායාදුන්න, මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම් මේජර් ජෙනරල් ජගත් අල්විස් , පොලිස්පති චන්දන වික්‍රමරත්න සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා ඇතුළු නිලධාරී පිරිසක් ද මෙම රැස්වීමට සහභාගී වී සිටියහ.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img