Home උණුසුම් පුවත් “ඊයේ රැස්වීම පොදුජන පෙරමුණේ රැස්වීමක් පමණයි”

“ඊයේ රැස්වීම පොදුජන පෙරමුණේ රැස්වීමක් පමණයි”

0
“ඊයේ රැස්වීම පොදුජන පෙරමුණේ රැස්වීමක් පමණයි”

අනුරාධපුරයේ ඊයේ පැවති රැස්වීම පොදුජන පෙරමුණේ රැස්වීමක් පමණක් බව රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී පැවසීය.

සමගි ජනබලවේගයේ ම්න්ත්‍රී නලීන් බණ්ඩාර මහතා අසන ලද ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් දුමින්ද දිසානායක මහතා මේ බව සඳහන් කළේය.

දුමින්ද දිසානායක ඇමතිතුමාට අනුරාධපුර රැස්වීමේ දී කතාවක් ලැබෙයි කියලා අපි බලාගෙන හිටියා යැයි නලීන් බණ්ඩාර මන්ත්‍රීවරයා කියා සිටියේය.

ඊට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍ය දුමින්ද දිසානායක මහතා මෙසේ පැවසීය.

ඊයේ රැස්වීම ගැනත් මතක් කළ යුතුව තිබෙනවා. ඔබතුමන්ලා බලන් හිටියට ඊයේ රැස්වීම පොදුජන පෙරමුණේ රැස්වීමක් පමණයි. ඒ ඇරෙන්න ආණ්ඩුවේ ආණ්ඩුවට සහයෝගය දක්වන සියලු පක්ෂ එකතුවෙලා කරපු රැස්වීමක් නෙමෙයි.ඒ නිසා රැස්වීම දිහා බලපු ඔයාලා හැමෝටම තේරෙන්න ඇති. පොදුජන පෙරමුණටත් දේශපාලනය කිරීමේ අයිතියක් තියෙනවා. එතුමාලා තමන්ගෙ පක්ෂයේ දේශපාලන කටයුතු පටන්ගෙන ආරම්භ කරලා තියෙනවා. අපි එතුමලාට සුභ ප්‍රාර්ථනා කරනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here