Home උණුසුම් පුවත් පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි!

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි!

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති ඉල්ලා අස්වෙයි!

පොල් සංවර්ධන අධිකාරිය සභාපති කීර්ති ශ්‍රී වීරසිංහ මහතා එම ධුරයෙන් ඉල්ලා අස්වී ඇති බවට වාර්තා වේ.

ඉකුත් 5 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙසට ඔහුට දැනුම් දුන් බව පොල්,කිතුල් හා තල් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාරණ මහතා පසුගියදා පවසා තිබුණි.

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීම සම්බන්ධ සිද්ධියට පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් යොදාගෙන තිබීමේ චෝදනාව මත සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා මීට පෙර සඳහන් කර ඇත.

සබැඳි පුුවත් රාගම වෛද්‍ය පීඨ සිද්ධියට පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිට ඉවත් වෙන්නැයි දැනුම්දීමක්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here