Home උණුසුම් පුවත් ආනයන සීමා ඉවත්කරන්නැයි යුරෝපා සංගමයෙන් ලක් රජයට ඉල්ලීමක්

ආනයන සීමා ඉවත්කරන්නැයි යුරෝපා සංගමයෙන් ලක් රජයට ඉල්ලීමක්

0
ආනයන සීමා ඉවත්කරන්නැයි යුරෝපා සංගමයෙන් ලක් රජයට ඉල්ලීමක්

යුරෝපීය රටවල ඇතැම් නිෂ්පාදන සඳහා පනවා ඇති ආනයන සීමා ඉවත් කිරීමට පියවර ගන්නා ලෙස යුරෝපා සංගමය ශ්‍රී ලංකා රජයෙන් ඉල්ලීමක් කර ඇත.

බෙල්ජියමේ බ්‍රසල්ස් නුවරදී පැවති යුරෝපා සංගම් ඒකාබද්ධ හමුවකදී මෙම ඉල්ලීම කර තිබේ.

මෙම හමුව පවත්වා ඇත්තේ යුරෝපා සංගම් නියෝජිතයින් සහ ශ්‍රී ලංකා රජයේ නියෝජිතයන් අතරය.

යුරෝපා සංගම් නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ ශ්‍රී ලංකාවේ ආනයන තහනම හේතුවෙන් යුරෝපා රටවල නිෂෟපාදන රැසකට ශ්‍රී ලංකාවේ වෙළද පොළට ඇතුළු වීමට ඉඩ ඇහිරී ඇති බවය.

එහිදී ශ්‍රී ලංකාව වෙනුවෙන් කරුණු දක්වමින් මෙරට නියෝජිතයින් පෙන්වා දී ඇත්තේ අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සීමිත ප්‍රමාණයක් සඳහා පමණක් ආනයන සීමා පනවා ඇති බවය.

කොවිඩ් වසංගත තත්වය හමුවේ පවතින දැඩි විදේශ විනිමය අර්බුදයකට හමුවේ මෙම ආනයන සීමා පැනවීම සිදුව ඇති බව ඔවුන් පෙන්වා දී තිබේ. ඉදිරියේදී මතුවන තත්වයන් අනුව එම සීමා ඉවත් කිරීමට හැකිවන බව මෙරට නියෝජිතයින් විශ්වාසය පළකර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here