තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කේතුමතී රෝහල් ගිලන් රථ රියදුරුට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අල්ලයි

    කේතුමතී රෝහල් ගිලන් රථ රියදුරුට වෙඩි තැබූ ප්‍රධාන සැකකරු අල්ලයි

    පානදුර කේතුමතී රෝහලේ ගිලන්රථ රියදුරු ඝාතනය කිරීමේ අරමුණින් කළ වෙඩි තැබීමට සම්බන්ධ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය සඳහන් කරයි.

    යුද හමුදාවෙන් පළාවිත් සිටින සෙබලෙක් වන එම සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ ඊයේ දිනයේදීය.

    කුඩු සළිඳුගේ මත්කුඩු ජාලයට සම්බන්ධ පුද්ගලයෙක් වන එම සැකකරු මත්ද්‍රව්‍ය ජාවාරමකට පොලිස් අත්අඩංගුවටපත්ව බන්ධනාගාරගතව සිට ඇප මත නිදහස්ව සිටින අයෙකි.

    මෙම සැකකරු බදුරලියේ පදිංචිකරුවෙක් බව පොලීසිය කියයි.

    මෙයට අමතරව මෙම වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියක පසුපස අසුන්ගෙන පැමිණි අයෙක් බව කියන තවත් පුද්ගලයෙක්වද පානදුර දකුණ පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ. එම පුද්ගලයා පානදුර කුරුප්පුමුල්ල ප්‍රදේශයේ පදිංචි 31 හැවිරිදි වියේ පසුවන්නෙකි. ඔහුද මත්කුඩු ජාවාරමට සම්බන්ධ බන්ධනාගාරගතව ඇපමත සිටින්නෙකි.

    මෙම වෙඩි තැබීම සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාශයද සැකකරුවන් 03 දෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ. වෙඩි තැබීමට පැමිණි එක් සැකකරුවෙකුට කුඩු සළිදු විසින් රුපියල් ලක්ෂයකට අධික මුදලක් බැංකුගතකර ඇති අතර එම මුදල බැංකුවෙන් ලබාගෙන වෙඩි තැබීමට සම්බන්ධවූ සැකකරුවෙකුට ලබාදුන් බව කියන ලහිරු නැමැති අයෙක් වෙඩි තැබීමට පැමිණි යතුරු පැදි දෙකෙන් එකක් පැදවූ රජිත නැමැති අයෙක් සහ රංගික නැමැති අයෙක් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවන් තිදෙනා අතර සිටිති. ලක්ෂයකට වැඩි මුදලක් ලබාදී ඇත්තේ රජිත නැමැති සැකකරුට බව පොලීසිය කියයි.

    මෙම වෙඩි තැබීමට මුල ගිලන් රථ රියදුරා කුඩු සළිදුගේ මත්කුඩු ගිලන් රථයේ ප්‍රවාහනය කරන අතර තුර පොලීසියට ඔත්තු සැපයීම බව අනාවරණය වී තිබේ. ගිලන් රථයේ මත්කුඩු ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් කළුතර අපරාධ කොට්ඨාශය විසින් ගිලන් රථ රියදුරු සහ ඔහුගේ සහයකයා ද අත්අඩංගුවට ගත්තේය.

    කේතුමතී රෝහලේ ප්‍රධාන ගේට්ටුව ආසන්නයේදී ගිලන් රථ රියදුරුට වෙඩි තබන්නේ ඉකුත් 27 වෙනිදාය. එම වෙඩි තැබීමෙන් දින 06 ක් ගතවන විට පොලිස් මූලස්ථානය ඊට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් බව කියන දෙදෙනෙකුගේ ඡායාරූප මාධ්‍යට නිකුත් කරමින් එම සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට සාර්ථක තොරතුරු සපයන්නන්ට රුපියල් මිලියනයක මුදල් ත්‍යාගයක් ලබාදෙන බවට ප්‍රසිද්ධ කළේය. ප්‍රමෝද් සඳකැළුම් නොහොත් සිම් මල්ලි (24) සහ චමිදු සංකල නොහොත් කොණ්ඩයා (24) නැමැති එම සැකකරුවන් දෙදෙනා මෙතෙක් අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත්ව නැත.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img