Home උණුසුම් පුවත් රාගම වෛද්‍ය පීඨ සිද්ධියට පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිට ඉවත් වෙන්නැයි දැනුම්දීමක්

රාගම වෛද්‍ය පීඨ සිද්ධියට පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිට ඉවත් වෙන්නැයි දැනුම්දීමක්

රාගම වෛද්‍ය පීඨ සිද්ධියට පොල් සංවර්ධන අධිකාරියේ සභාපතිට ඉවත් වෙන්නැයි දැනුම්දීමක්

පොල් සංවර්ධන අධිකාරියේ සභාපති තිලක් වීරසිංහ මහතාට එම තනතුරින් ඉවත් වන ලෙසට දැනුම් දී ඇත.

ඉකුත් 5 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි සිය තනතුරුවලින් ඉල්ලා අස්වන ලෙසට ඔහුට දැනුම් දුන් බව පොල්,කිතුල් හා තල් වගා ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍යංශයේ ලේකම් තිස්ස හේවාවිතාරණ මහතා පැවසීය.

ඒ අනුව ඉල්ලා අස්වීමේ ලිපිය අද (8) දිනය ඇතුළත තමන්ට ලැබෙනු ඇතැයිද ලේකම්වරයා සදහන් කළේය.

රාගම වෛද්‍ය පීඨයේ සිසුන්ට පහරදීම සම්බන්ධ සිද්ධියට පොල් සංවර්ධන අධිකාරියේ වාහනයක් යොදාගෙන තිබීමේ චෝදනාව මත සභාපතිවරයාට ඉල්ලා අස්වන ලෙසට දැනුම් දුන් බව රාජ්‍ය අමාත්‍යංශ ලේකම්වරයා වැඩිදුරටත් සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here