Home දේශීය පුවත් ක්ෂය රෝගය මුල් අවධියේම හදුනා ගැනීමේ පර්යේ ෂණ ප්‍රවර්ධනයට ලා ජොල්ලා ආයතනයේ සහය ආරක්ෂක ව ිශ්ව විද්‍යාලයට

ක්ෂය රෝගය මුල් අවධියේම හදුනා ගැනීමේ පර්යේ ෂණ ප්‍රවර්ධනයට ලා ජොල්ලා ආයතනයේ සහය ආරක්ෂක ව ිශ්ව විද්‍යාලයට

0

ඇමෙරිකා එක්සත් ජනපදයේ ලා ජොල්ලා (La Jolla) ආයතනය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර පර්යේෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ගිවිසුමකට එළඹීමට කැබිනට් මණ්ඩලයේ අනුමැතිය හිමිව තිබේ.

ඒ සම්බන්ධයෙන් අමාත්‍ය මන්ඩල කාර්යාලය විසින් නිකුත් කළ නිවේදනය මෙසේය.

ප්‍රතිශක්ති විද්‍යාව සඳහා වන ඇමෙරිකා එක්සත් ජනපදයේ ලා ජොල්ලා (La Jolla) ආයතනය සහ ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය අතර 2017 වර්ෂයේ සිට අධ්‍යයන සහයෝගිතාවක් පවත්වාගෙන යන අතර මේ දක්වා පර්යේෂණ ව්‍යාපෘති ක්‍රියාත්මක කිරීම පිණිස ඇමෙරිකානු ඩොලර් 505,840ක අරමුදල් එකී සහයෝගිතාව අනුව ජෙනරාල් ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය වෙත ලැබී ඇත.

ක්ෂය රෝගය මුල් අවධියේදීම හඳුනාගැනීම, අවබෝධ කර ගැනීම හා අවම කර ගැනීම සඳහා වන පර්යේෂණ කාර්යයන් ප්‍රවර්ධනය කිරීම සහ සිසුන් හා අධ්‍යයන කාර්යමණ්ඩල හුවමාරුව අරමුණු කර ගනිමින් දැනට පවතින අධ්‍යයන සහයෝගිතාව තවදුරටත් වැඩිදියුණු කර ගැනීමට දෙපාර්ශ්වය එකඟතාවකට පැමිණ තිබේ.

ඒ අනුව, අදාළ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් අනුපිරිනැමීම් ගිවිසුමකට සහ ද්‍රව්‍ය හුවමාරු ගිවිසුමකට අත්සන් තැබීම පිණිස ආරක්ෂක අමාත්‍ය වශයෙන් අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here