තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්ත්‍රිමලේ තෙල් ටැංකි ගැන සම්පූර්ණ ගිවිසුම පාර්ලිමේන්තුවට

    ත්‍රිමලේ තෙල් ටැංකි ගැන සම්පූර්ණ ගිවිසුම පාර්ලිමේන්තුවට

    ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ රජය පසුගියදා අත්සන් කරන ලද ගිවිසුම සියලුම ඇමුණුම් ද සහිතව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා විසින් මීට සුළු මොහොතකට පෙර පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබේ.

    එම ගිවිසුම සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි යන ත්‍රෛභාෂාවෙන් යුතු ‘තෙල් ටැංකි යළි රටට’ වාර්තාව ද අමාත්‍යවරයා අද සභාගත කළ බවට පාර්ලිමේන්තුවට දැන්වීය.

    “ගරු නියෝජ්‍ය නියෝජ්‍ය කතානායකතුමනි, ත්‍රිකුණාමලය තෙල් ටැංකි සංකීර්ණය පිළිබඳ ශ්‍රී ලංකා ආණ්ඩුව විසින් ලංකා ඛනිජ තෙල් සංස්ථාව ලංකා IOC සමාගම සහ trinco petroleum terminal සමඟ 2022 ජනවාරි 6 වන දින අත්සන් කළ ගිවිසුම එහි සියලුම ඇමණුම් සහිත ගිවිසුම සභාගත කරමි. එමෙන්ම ත්‍රිකුණාමලය තෙල් ටැංකි ගිවිසුම සිංහල දෙමළ ඉංග්‍රීසි භාෂා තුනෙන්ම සකස් කළ ‘තෙල් ටැංකි යළි රටට’ වාර්තාව මම ඉදිරිපත් කරමි.” යැයි ද බලශක්ති අමාත්‍යවරයා ගිවිසුම සභාගත කරමින් සඳහන් කළේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img