Home උණුසුම් පුවත් වසරකට ප්ලාස්ටික් ගේන්න කෝටි 12000ක් වැය කරලා

වසරකට ප්ලාස්ටික් ගේන්න කෝටි 12000ක් වැය කරලා

වසරකට ප්ලාස්ටික් ගේන්න කෝටි 12000ක් වැය කරලා

ප්ලාස්ටික් ගෙන්වීම සඳහා ඉකුත් 2020 වසරේ දී පමණක් රුපියල් කෝටි 12,200කට අධික මුදලක් (ඩොලර් මිලියන 611.53ක් පමණ) වැයකර ඇතැයි එක්සත් ජාතින්ගේ දත්ත පද්ධතියක් මඟින් කරුණු හෙළිදරව් කර ඇති බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

අමාත්‍යවරයා සඳහන් කරන්නේ වාර්ෂිකව මෙරටට ප්ලාස්ටික් ටොන් තුන් ලක්‍ෂයක් පමණ ආනයනය කරන බවයි.

එම ප්ලාස්ටික්වලින් සියයට 92.9ක් පමණ පරිසරයට අවිධිමත් ලෙස බැහැර කරන බව ද ඔහු සඳහන් කළේය.

මින් ප්‍රතිචක්‍රීයකරණය කරනු ලබන්නේ සියයට 7.1ක් පමණක් වන අතර පරිසරයට බැහැර කෙරෙන ප්ලාස්ටික්වලින් වැඩි ප්‍රමාණයක් මිනිසුන් විසින් ගිනි තබා විනාශ කිරීම නිසා විශාල වායු දූෂණයක් සිදුවන බවද ඇමතිවරයා පැවසීය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here