Home දේශීය පුවත් නීතීඥ හිජාස් හිස්බුල්ලාට ඇප

නීතීඥ හිජාස් හිස්බුල්ලාට ඇප

0
නීතීඥ හිජාස් හිස්බුල්ලාට ඇප

පාස්කු ඉරුදින එල්ලකෙරුණු අන්තවාදී ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් කෙරුණු විමර්ශනයන්ට අදාලව ප්‍රශ්න කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින නීතිඥ හිජාස් හිස්බුල්ලා මහතා ඇප මත මුදා හරින ලෙස අභියාචනාධිකරණය අද නියම කළේය.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිජාස් ඉස්බුල්ලා ඇපමත මුදාහරින ලෙස ඉල්ලමින් ඔහු වෙනුවෙන් ඉදිරිපත් කළ පෙත්සමක් පිළිගැනීමෙන් අනතුරුව මේනකා විජේසුන්දර සහ නීල් ඉද්දවෙල යන මහත්ම මහත්මීන් ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල විසින් එම නියෝගය හලාවත මහාධිකරණය වෙත කරනු ලැබීය.

නීතිඥ හිජාස් ඉස්බුල්ලා මහතා අත්අඩංගුවට ගනු ලැබුවේ 2020 වසරේ අප්‍රේල් මස 14 වන දාය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here