Home COVID පාර්ලි‍මේන්තුවෙත් පැතිරීම වැඩිවෙයි- තවත් මන්ත්‍රීවරයකුට කොවිඩ්

පාර්ලි‍මේන්තුවෙත් පැතිරීම වැඩිවෙයි- තවත් මන්ත්‍රීවරයකුට කොවිඩ්

පාර්ලි‍මේන්තුවෙත් පැතිරීම වැඩිවෙයි- තවත් මන්ත්‍රීවරයකුට කොවිඩ්

සමගි ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කොවිඩ් ආසාදිත බවට තහවුරුවී තිබේ.

පසුගිය දිනවල පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට මෙන්ම කාර්ය මණ්ඩලයේ ද බොහෝ පිරිසකට කොවිඩ් ආසාදිත බවට වරින් වර වාර්තා විය.

මේ වනවිට රට තුළ කොවිඩ් තත්ත්වය යළි උත්සන්න වී තිබේ. ඒ අනුව මෙරට තුළ දෛනිකව වාර්තා වන කොවිඩ් මරණ සහ ආසාදිතයන් වේගයෙන් ඉහළ යමින් පවතී.

සෞඛ්‍ය අංශ අවධාරණය කරන්නේ මෙම තත්ත්වය පාලනය කරමින් ජීවිත ගලවා ගැනීමට නම් බූස්ටර් එන්නත් මාත්‍රාව ලබා ගැනීම අනිවාර්ය බවය.

අසත්‍ය ප්‍රකාශවලට නොරැවටී කඩිනමින් බූස්ටර් මාත්‍රාව ලබා ගන්නා ලෙස සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා අදත් ජනතාවගෙන් ඉල්ලා සිටියේය.

එන්නත ලබාගත් පසු අත රිදීම වැනි ලක්ෂණ සාමාන්‍ය තත්ත්වයක් බව ඔහු වැඩිදුරටත් අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here