තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්‍වැල්ලවත්ත වෙරළෙන් හමුවූ මළ සිරුරක් අතුරුදන් මාලදිවයින් සිසුවකුගේ

    ‍වැල්ලවත්ත වෙරළෙන් හමුවූ මළ සිරුරක් අතුරුදන් මාලදිවයින් සිසුවකුගේ

    දෙහිවල, වැල්ලවත්ත වෙරළ තීරයෙන් හමුවූ මළ සිරුර, මාලදිවයින් ජාතික අෆ්හාම් නසීර්ගේ බවට ඔහුගේ පවුලේ අය තහවුරු කරගෙන ඇතැයි මාලදිවයින් පුවත් වාර්තා කර තිබේ.

    ඔහු මෙරට පෞද්ගලික සරසවියක අධ්‍යාපනය ලබමින් සිටි බව ද සඳහන් ය.

    21 හැවිරිදි අෆ්හාම් නසීර් මාලදිවයින් ඩාල්හි මීධූ දූපතේ උපන් අයෙකි.

    ඔහු සිසුවෙක් ලෙස ශ්‍රී ලංකාවේ පදිංචිව සිටියදී පසුගිය සිකුරාදා අතුරුදන් වූ බව වාර්තා වූ බවත් එදිනම සෝදිසි මෙහෙයුමක් දියත් කරන ලද බවත් එම වාර්තාවල දැක්වේ.

    දෙහිවල වෙරළ තීරය ආසන්නයේ මළ සිරුරු දෙකක් සොයා ගැනුණු අතර ඔවුන්ගෙන් එක් අයෙක් අෆ්හාම් නසීර් ලෙස හඳුනාගෙන ඇත.

    තවද, සිරුරුවල තුවාල රැසක් දක්නට ලැබෙන බව මාධ්‍ය වාර්තා කර ඇත.

    අෆ්හාම්ගේ පවුලේ අය විසින් මෙරටදී සොයා ගන්නා ලද ඔහුගේ සිරුර බව තහවුරු කර ඇත.

    කෙසේ වෙතත්, ඔහුගේ මරණය පිළිබඳ පරීක්ෂණ සහ වැඩිදුර තොරතුරු සම්බන්ධයෙන් පවුල වැඩියමක් නොදන්නා බව පවසා ඇත.

    ශ්‍රී ලංකාවේදී මාලදිවයින් ජාතිකයෙකුගේ මරණයක් පිළිබඳව මෙරට බලධාරීන්ගේ අවධානයට යොමු කර ඇති බව මාලදිවයිනේ පොලිස් සේවය ප්‍රකාශ කර ඇත.

    සිද්ධිය සම්බන්ධයෙන් මාලදිවයින් පොලිසිය ද මේ වනවිට මෙරට අදාළ ආයතන සමඟ සහයෝගයෙන් කටයුතු කරමින් සිටින බව එරට පොලිස් මාධ්‍ය නිලධාරියා අනාවරණය කර ඇත.

    දෙහිවල වෙරළේදී හමුවූ බව කියන මළ සිරුරු අතර මීටර් 300ක පමණ දුරක් ඇති බවද වාර්තා වේ.

    දෙවන මළ සිරුර සොයාගත් ආසන්නයේ පිහියක් ද සොයාගෙන ඇත.

    සිරුරු දෙකම තුවාල වී ඇති අයුරුද වීඩියෝවේ දැක්වෙන බව එරට පුවත්වල සඳහන් ය.

    මරණය සම්බන්ධයෙන් දෙරටේම ප්‍රාදේශීය පොලිසිය එක්ව කටයුතු කරන බව මාලදිවයින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසා ඇතැයි එම මාධ්‍ය වාර්තාවල දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img