තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්තෙල් මිල ඉහළ යයිද? - ඇමති ගම්මන්පිළ උත්තර දෙයි

    තෙල් මිල ඉහළ යයිද? – ඇමති ගම්මන්පිළ උත්තර දෙයි

    ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ඉහළ ගිය ද ‍ඉන්ධන මිල ඉහළ දැමිමේ කිසිඳු තීරණයක් ගෙන නැති බව බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිල අඛණ්ඩව ඉහළ යමින් ඇති බවය.

    බොරතෙල් බැරලයක මිල මේ වනවිට ඩොලර් 100 ආසන්න වෙමින් තිබේ.

    මාධ්‍ය වෙත අදහස් දක්වමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිළ මහතා මේ බව කීය.

    “ලෝක වෙළෙඳපොළේ අඛණ්ඩව ඉන්ධන මිල ඉහළයාමක් අපි දැක්කා පසුගිය දෙසැම්බර් මාසයේ සිටම. දෙසැම්බර් මාසයේ බොරතෙල් බැරලයක සාමාන්‍ය මිල වුණේ ඩොලර් 74ක්. පසුගිය සිකුරාදා වන විට බොරතෙල් බැරලයක මිල ඩොලර් 93 ක් ඉක්මවා තිබෙනවා. ඒ අනුව දැවැන්ත මිල වැඩිවීමක් ලෝක වෙළඳපොලේ වෙලා තියෙනවා. අපි පසුගිය මාසයේ ඉලක්කම් දිහා බැලුවත් ඩීසල් ලීටරයකින් රුපියල් 35ක් පෙට්‍රල් ලීටරයකින් රුපියල් 7ක් පාඩු ලබනවා. නමුත් මේ දක්වා මිල වැඩිවීමක් කිරීමට තීරණයක් අරගෙන නෑ.” යයිද බලශක්ති අමාත්‍යවරයා කීය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img