Home උණුසුම් පුවත් “අදට පුළුවන් හෙට ෂුවර් නෑ” – විදුලිය – ජලය ගැන ඇහෙන කතා

“අදට පුළුවන් හෙට ෂුවර් නෑ” – විදුලිය – ජලය ගැන ඇහෙන කතා

“අදට පුළුවන් හෙට ෂුවර් නෑ” – විදුලිය – ජලය ගැන ඇහෙන කතා

අද දිනයේදී අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිමට හැකියාව පවතින නමුත් හෙට දිනයේදි විදුලි කප්පාදුවක් සම්බන්ධයෙන් තීරණයක් ගැනීමට සිදුවන බව මහජන උපයෝගිතා කොමිසම පවසයි.

පවතින තත්වය අනුව අද දිනයේදිත් අඛණ්ඩ විදුලි සැපයුමක් ලබාදිය හැකි බවත් හෙට දිනයේදී එම ඉල්ලුම ඉහළ යාහැකි බව ලංකා විදුලිබල මණ්ඩලය පවසයි.

එබැවින් මේ දිනවල හැකිතාක් විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ලංකා විදුලිබල මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

පසුගියදා අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් ජනන කටයුතු අත්හිටවූ කැළණිතිස්ස සොජිට්ස් පෞද්ගලික බලාගාරය ඊයේ යළි ජාතික පද්ධතියට එක්කෙරුණි.

එමගින් මෙගාවොට් 160 ක ධාරිතාවක් ජාතික පද්ධතියට ලබාදෙනවා.

මේ අතර වියළි කාලගුණයත් සමඟ ජල සැපයුමට බාධා මතුවෙමින් පවතින බැවින් ජලය ද අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ජාතික ජල සම්පාදන මණ්ඩලය ජනතාවගෙන් ඉල්ලිමක් කර සිටී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here