තවත්
    මුල් පිටුවදේශීය පුවත්ඇල්ලවල ඇල්ලට තවත් තිදෙනෙක් බිලි

    ඇල්ලවල ඇල්ලට තවත් තිදෙනෙක් බිලි

    වැල්ලවායේ ඇල්ලවල ඇල්ලේ දිය නෑමට ගිය තිදෙනෙක් අද දියේ ගිලී මියගොස් තිබේ.

    මෙසේ මියගොස් ඇත්තේ මාතර සිට පැමිණි පිරිසකි.

    හය දෙනෙකුගෙන් සමන්විත එම කණ්ඩායම ඇල්ල නැරඹිමට පැමිණ ඔවුන්ගෙන් සිවි දෙනෙක් දිය නාමින් සිටියදී මෙම අනතුර සිදුව ඇත. සිව් දෙනාම දියේ ගිලී ඇති අතර එක් අයෙක්ගේ දිවි බේරී ඇත්තේ ප්‍රදේශවාසීන් විසින් ඔහුව ගොඩට ගෙන ඇති නිසාය.

    මිය ගොස් ඇත්තේ අවුරුදු 51ත් 54 ත් අතර වයස්වල පසුවන්නන්ය.

    ඉකුත් ඔක්තෝබර් මාසයේද කාතන්කුඩියෙන් පැමිණි පිරිසක් මෙම ඇල්ලේ දිය නාමින් සිටියදී දියේ ගිලී පියෙක් සහ දරුවන් දෙදෙනෙක් මිය ගියේය. ඊ ට පෙර සතියේදීද කදානේ සිට විනෝද චාරිකාවක පැමිණි පිරිසක් අතර සිටි තරුණයෙක් ද මෙම ඇල්ලේ ගිලී මියගොස් තිබුණි.

    ඒ වන විට එම ඇල්ලේ ගිලී හය හත්දෙනෙක්ම විටෙන් විට මියගොස් තිබුණි. ඉකුත් ඔක්තෝබර් මාසයේදී පියාත් දරුදෙදෙනාත් මිය යාමත් සමග ඇල්ලේ දිය නෑමද ප්‍රදේශීය ලේකම් කාර්යාලය විසින් තහනම් කර තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img