තවත්
    මුල් පිටුවදේශීය පුවත්නීතිය අකුරට ක්‍රියාත්මක කලාට පොලිස් නිලධාරියාට පොරෝ පහරක්

    නීතිය අකුරට ක්‍රියාත්මක කලාට පොලිස් නිලධාරියාට පොරෝ පහරක්

    අම්බලන්තොට පොලිස් ස්ථානයට අනුයුක්තව රථවාහන රාජකාරියේ නිරත පොලිස් නිලධාරියෙක්ට අද පෙරවරුවේ පුද්ගලයෙකු විසින් පොරොවකින් කළ පහරදීමෙන් තුවාල ලබා රෝහල්ගත කර ඇත.

    හිසට එම ප්‍රහාරය එල්ලකර ඇතත් එය වැදී ඇත්තේ නිලධාරියාගෙග් පිට ප්‍රදේශයටය.

    පොරෝ පහර එල්ල කළ පුද්ගලයා ගස් කැපීම ජීවිකාව කරගත් පුද්ගලයෙකි. බීමත්ව රිය ධාවනය කිරීමක් සම්බන්ධයෙන් පොලීසිය ඔහුට එරෙහිව කළ නීතිය ක්‍රියාත්මක කිරීමක් මෙම පහරදීමට මුල්වී ඇති බව විමර්ශන වලින් අනාවරණය වී තිබේ. එහෙත් ඔහු පොරෝ පහර එල්ලකර ඇත්තේ වැරදි නිලධාරියෙකුට බවද අනාවරණය වී ඇත. ඒ ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කළ නිලධාරියා යැයි වැරදීමකින් එම නිලධාරියාගේ හැඩරුවට සමාන වෙනත් නිලධාරියෙකුට බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතීඥ නිහාල් තල්දූව මහතා සඳහන් කළේය.

    අම්බලන්තොට ඔරලෝසු කණුව අසලදී මෙසේ පොලිස් නිලධාරියාට පොරොවෙන් කෙටූ සැකකරු වස පානය කර සිය දිවි හානිකර ගැනීමට උත්සහයකද නිරතව ඇත. එම සැකකරු මේ වන විට හම්බන්තොට රෝහලේ ප්‍රතිකාර ගනු ලබයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img