තවත්
    මුල් පිටුවවිදේශීය පුවත්මීටර් 32ක් ගැඹුරේ හිරවුණු රයන්ගෙ දිවි බේරා ගනී ද ?

    මීටර් 32ක් ගැඹුරේ හිරවුණු රයන්ගෙ දිවි බේරා ගනී ද ?

    මොරොක්කෝවේ ගැඹුරු ළිඳකට වැටුණු පස් හැවිරිදි පිරිමි ළමයෙකු වෙත ළඟා වීමට දැඩි උත්සාහයක නිරත වන සහන කණ්ඩායම් සිය මෙහෙයුමේ අවසන් අදියරට පිවිසෙමින් සිටින බව බී.බී.සී ලෝක සේවය වාර්තා කරයි.

    ළිඳේ පටු විවරයක් හරහා මීටර් 32 (අඩි 104) ක් පහළට ඇද වැටුණු රයන් වෙත ළඟා වීමේ මෙහෙයුම දැනට දින 4ක් තිස්සේ ක්‍රියාත්මක වේ.

    නායයෑමකින් තොරව මෙහෙයුම අවසන් කර ගැනීම වඩාත් දුෂ්කර කාර්යයක් වී තිබේ. ළිං පතුළ ආසන්න වැලිපස් මිශ්‍ර පාෂාණයක් කඩා දරුවා බේරා ගැවීමට යාම ඉතා භයානක යැයි මානුෂීය මෙහෙයුමේ නිරත ගැලවුම්කරුවෝ පවසති.

    බුල්ඩෝසර් යොදාගෙන දැනට ළිඳ අසල දැවැන්ත අගලක් කපා ඇති අතර ළිඳට සමාන ගැඹුරට ළඟා වූ පසු තිරස් අතට තවත් අගලක් හාරා බේරා ගැනීමේ මෙහෙයුමේ නිරත පිරිස පිරිමි ළමයා වෙත ළඟා වීමට නියමිතය.

    "අපි බොහෝ දුරට දැන් මෙහෙයුමේ අවසානය කරා පැමිණ සිටිමු. දින තුනක් තිස්සේ නොනවත්වා වැඩ කළ ගැලවුම්කරුවන්ට ද දැන් තෙහෙට්ටු වී තිබේ. නමුත් මුළු ගලවා ගැනීමේ කණ්ඩායම මෙහි අවසානයක් දකිමින් සිටිති යැයි ගලවා ගැනීමේ මෙහෙයුමේ ප්‍රධානියෙකු වන අබ්දෙසලාම් මකෞඩි මහතා පවසයි.

    මොරොක්කෝවේ සිවිල් ආරක්ෂණ අධ්‍යක්ෂක මණ්ඩලය විසින් මෙහෙයවනු ලබන, Chefchaouen නගරයේ සිට 100km (62 සැතපුම්) පමණ දුරින් පිහිටි Tamorot නම් කුඩා උතුරු නගරයේ වු මෙම අනතුරෙන් දරුවා ගලවා ගැනීමේ මෙහෙයුම් ඇරඹියේ පසුගිය අඟහරුවාදා පස්වරුවේය.

    "මුළු පවුලම ඔහුව සොයා ගියා. එවිට ඔහු ළිඳට වැටී ඇති බව අපට වැටහුණා. ඔහුව මෙම අනතුරෙන් ජීවිතය ගලවා ගනීවි යැයි තවමත් බලාපොරොත්තුවෙන් සටිනවා යැයි මොරොක්කෝ මාධ්‍ය වෙත අදහස් පළ කරමින් රයන්ගේ මව පැවසුවාය.

    බ්‍රහස්පතින්දා ළිඳට දැමූ කැමරාවක දර්ශනවලින් පෙනී ගොස් ඇත්තේ පිරිමි ළමයා හිසට සුළු තුවාල වලින් පෙළුනද ඔහු ජීවතුන් අතර සිටින බවයි.

    ගලවා ගැනීමේ සේවකයින් ඔක්සිජන් ආවරණයක්, ආහාර සහ ජලය ළිඳට දමා ඇති අතර වෛද්‍ය කණ්ඩායමක් ද එම ස්ථානයේ ප්‍රතිකාර සඳහා සූදානමින් සිටිති. ඔහු ළිඳෙන් මුදාගත් පසු ඔහුව රෝහල් ගත කිරීමට හෙලිකොප්ටරයක් ද එම ස්ථානයට පැමිණ තිබේ.

    මොරොක්කෝ සමාජ මාධ්‍යවල, #SaveRayan සන්නාමය ප්‍රචලිත වී ඇති අතර ලොව පුරා ලක්ෂ සංඛ්‍යාත ජනතාවක් රයන් නිරුපද්ධිතව බේරා ගන්නා තුරු දෑස් දල්වා සිටිති.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img