දිවයිනේ ආර්ථීක මධ්‍යස්ථාන රැසක පසුගිය සතියට සාපේකෂව එළවළු මිල ගණන් අද වනවිට පහත වැටී තිබේ.
වෙළඳපොළේ පවතින එළවළු මිල පිළිබඳ කළ විමසීමේදී දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් පහත වැටී ඇති බව එහි වෙළෙන්දෝ පැවසූහ.
යාපනය අර්ධද්වීපයේ වගා කරන ලද බීට්රූට් අස්වැන්න දඹුල්ල ආර්ථීක මධ්‍යස්ථානයට ලැබීමත් සමඟ බීට් රූට් කිලෝවක මිල රුපියල් 100 කින් පමණ පහත වැටී ඇත.
එහෙත් උඩරට එළවළු බෙදා හරින ප්‍රධාන ආර්ථීක මධ්‍යස්ථානය වන කැප්පෙට්පොළ විශේෂ ආර්ථීක මධ්‍යස්ථානයේ එළවළු මිල ගණන් යම්තාක් දුරකට ඉහළ ගොස් ඇත.