තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්අගමැති ගැන යැවූ කෙටි පණිවුඩය හෙළිවී නියෝජ්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

    අගමැති ගැන යැවූ කෙටි පණිවුඩය හෙළිවී නියෝජ්‍ය අගමැති ඉල්ලා අස්වෙයි

    ඕස්ට්‍රේලියාවේ අග්‍රාමාත්‍ය ස්කොට් මොරිසන් ‘කුහකයෙකු සහ බොරුකාරයෙකු’ ලෙස කියමින් තමා යවන ලද කෙටි පණිවුඩයක් මාධ්‍ය වෙත එළිදරව් වී ප්‍රසිද්ධියට පත්වීම නිසා එරට නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කරයි.

    අගමැතිවරයා විසින් සිය ඉල්ලා අස්වීමේ යෝජනාව ප්‍රතික්ෂේප කළ බව නියෝජ්‍ය අගමැතිවරයා පවසා ඇත.

    එහෙත් නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා ABC හි ඉරිදා උදෑසන වැඩසටහනකට පෙනී සිටීමෙන් වැළකී ඇත.

    නියෝජ්‍ය අගමැති බානබි ජොයිස් යැවූ කෙටි පණවිඩුය Sydney Morning Herald සහ The Age පුවත් වෙත අනාවරණය වී ඇත.

    කෙටි පණිවිඩය ප්‍රසිද්ධියට පත් විය හැකි බව දැනගත් විගස ඔහු අගමැති ඇමතූ බව බානබි ජොයිස් පැවසීය.

    ඔහු සහ අගමැතිවරයා අතර අමනාපයක් ඇතිවීම වළක්වාලීමට ඔහු උත්සාහ කර ඇත.

    එහෙත් අග්‍රාමාත්‍යවරයාගේ චරිතය පිළිබඳ නියෝජ්‍ය අගමැතිවරයාගේ දැඩි විවේචනය අනුව මොවුන් දෙදෙනා එකට වැඩ කරන්නේ කෙසේද යන්න දැන් විවෘත ප්‍රශ්නයකි.

    තමා කී දෙයෙහි අදහස් පදනම් වී ඇත්තේ තමා පසුපෙළේ සිටියදී “උපකල්පන සහ විවේචන” මත බව නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා පැවසීය.

    “අග්‍රාමාත්‍යවරයා ගැන පසුපෙළ සිට මගේ දැක්ම පදනම් වූයේ වැඩ කරද්දී ඇතිවූ සබඳතාවට වඩා සාමාන්‍යයෙන් දැන සිටි උපකල්පනය මතයි ”ඔහු පැවසීය.

    “එහෙත් එකට වැඩ කරන විට ඔහු මා සමඟ ඇති කර ගත් සෑම ගිවිසුමකටම ගරු කළ, දේශපාලනිකව දෙපැත්තේ සිටියද ඔහු අනෙක් අය සමඟ ඇති කර ගත් සෑම ගිවිසුමකටම ගරු කරන මිනිසෙක් මට ඔහු තුළින් මුණගැසුණා.” යැයි ද බානබි ජෝයිස් පවසා තිබේ.

    බානබි කියා සිටියේ තමාට මොරිසන් අගමැතිවරයාගෙන් සමාව අයැදීමට අවශ්‍ය බව පැවසූ බවය. ඔහු පැවසුවේ “මම සටහන් කර තිබූ එම වැකිය කිසිවිටක ලියා නොතිබිය යුතුව තිබූ එකක්” බවයි.

    “මම හිතුවේ නෑ ඒක මේ විදියට ප්‍රසිද්ධ වෙයි කියලා. නමුත් මම එය ලියා නොතිබුණා නම් එය මෙලෙස අවසන් නොවනු ඇත. ඒ නිසා වරද මගේ” බානබි පවසා ඇත.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img