මොඩර්නා ආයතනයේ කිසිදු මැදිහත්වීමකින් තොරව COVID-19 ට එරෙහිව නිපදවන ලද මොඩර්නා mRNA එන්නතෙහි පිටපතක් දකුණු අප්‍රිකානු පර්යේෂකයන් පිරිසක් නිපදවා තිබේ.
මෙය ලෝක සෞඛ්‍ය සංවිධානයෙය් තාක්ෂණ හුවමාරු මධ්‍යස්ථානයේ පර්යේෂකයන් විසින්, අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල එන්නත් නිෂ්පාදනය සඳහා ධාරිතාව ගොඩනැගීම ඉලක්ක කරගත් ව්‍යාපෘතියක පළමු පියවර සම්පූර්ණ කිරීමකි.
දකුණු අප්‍රිකාවේ කේප්ටවුන්හි පිහිටි ඇෆ්රිජන් බයොලොජික්ස් ඇන්ඩ් වැක්සින්ස් සමාගම විසින් මෙම එන්නත් පිටපත නිපදවා ඇත.
මොඩර්නා සමාගම විසින් කොවිඩ් මර්දන එන්නතට භාවිතා කළ දත්ත මත පදනම්ව, එන්නතෙහි මයික්‍රොලීටර් ප්‍රමාණයක් පමණක් ඔවුන් මෙලෙස නිපදවා තිබේ.
නමුත් මෙම ජයග්‍රහණය ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් මෑතකදී දියත් කළ අඩු සහ මධ්‍යම ආදායම් ලබන රටවල එන්නත් නිෂ්පාදනය සඳහා ධාරිතාව ගොඩනැගීමට අදහස් කරන තාක්‍ෂණ හුවමාරු මධ්‍යස්ථානය සඳහා සුවිශේෂී සන්ධිස්ථානයක් ලෙස සැළකේ.
COVID-19 වසංගතය අතරතුර, එන්නත් පිළිබඳ කරන ලද විශ්ලේෂණයන්ට අනුව, mRNA එන්නත් නිපදවන්නන් එක්සත් ජනපදය පදනම් කරගත් Moderna සහ Pfizer සහ ජර්මනියේ BioNTech ඔවුන්ගේ මාත්‍රාවලින් 70% කට වඩා වැඩි ප්‍රමාණයක් ධනවත් රටවලට යවා ඇත.
එසේ වුවත් දකුණු ලෝකයේ රටවල් විසින් මිලදී ගත් හෝ පොරොන්දු වූ මෙම එන්නත් මිලියන ගණනක් එන්නත් ඇණවුම් තවමත් ප්‍රමාද වී ඇත.
“Moderna සහ Pfizer-BioNTech එන්නත් ප්‍රධාන වශයෙන් තවමත් යන්නේ ධනවත්ම රටවලට පමණි,” WHO හි කේන්ද්‍රස්ථානය සම්බන්ධීකරණය කරන නිලධාරි මාටින් ෆ්‍රීඩ් පවසයි. ‘අපගේ පරමාර්ථය වන්නේ අනෙක් රටවලට ඔවුන් විසින්ම මේවා නිපදවා ගන්නා රටවල් බවට පත් කිරීමට බලගැන්වීමයි.’
ඇෆරිජන්හි mRNA එන්නත් අනුකරණය අප්‍රිකාවේ සහ ඉන් ඔබ්බෙහි සිටින පුද්ගලයින්ට බෙදා හැරීමට පෙර බොහෝ පියවර ඉතිරිව ඇති අතර එය අනිවාර්යයෙන්ම මෙම වසරේ වසංගතය මැඩපැවැත්වීමට උපකාරී නොවේ. නමුත් එය නිර්මාණය කිරීමේ ක්‍රියාවලිය අනාගතයේදී වඩාත් ගෝලීය වශයෙන් බෙදා හරින ලද mRNA එන්නත් කර්මාන්තයක් සඳහා අඩිතාලම දමනු ඇතැයි WHO බලාපොරොත්තු වේ.
ඇෆ්රිජන් හි ප්‍රධාන විද්‍යාඥ ජෙයාර්ඒ බූකස් මෙම සැලැස්මේ පළමු පියවර සම්පූර්ණ කිරීමට හැකිවීම ගැන ආඩම්බර වේ.
‘ප්‍රධාන පෙළේ COVID එන්නත් නිෂ්පාදකයින්ගෙන් අපට කිසිදු උදව්වක් ලැබුනේ නෑ. ඒ නිසා අපි එය කළේ අප්‍රිකානු මහාද්වීපයේ එය කළ හැකියි වගේම මෙහි කළ හැකියි යන්න ලෝකයට පෙන්වීමටයි’ ඔහු පවසයි.
WHO විසින් පසුගිය ජුනි මාසයේදී දකුණු අප්‍රිකාවේ mRNA තාක්ෂණික හුවමාරු මධ්‍යස්ථානය දියත් කළ විට, එය Moderna, Pfizer සහ BioNTech විසින් දකුණු ලෝකයේ පර්යේෂකයන්ට ඔවුන්ගේ COVID-19 එන්නත් සාදන ආකාරය ඉගැන්වීමට උදව් කරන ලෙස ඉල්ලා සිටියේය.
නමුත් අදාළ සමාගම් ප්‍රතිචාර දක්වා නොතිබූ බැවින් ලෝක සෞඛ්‍ය සංවිධානය ඔවුන්ගේ උදව් නොමැතිව ඉදිරියට යාමට තීරණය කළේය.
Pfizer-BioNTech එන්නත හා සසඳන විට එහි සංවර්ධනය පිළිබඳ වැඩි විස්තර ප්‍රසිද්ධියේ ලබා ගත හැකි නිසාත්, වසංගතය අතරතුර එහි පේටන්ට් බලපත්‍ර බලාත්මක නොකරන බවට Moderna ප්‍රතිඥා දී ඇති නිසාත්, ලෝක සෞඛ්‍ය සංවිධානය Moderna’s එන්නත ප්‍රතිනිර්මාණය කිරීමට තෝරා ගත් බව Friede පවසයි.