තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්කාදිනල් හිමියෝ කොළඹ අපරාධ කොට්ඨාශයට

    කාදිනල් හිමියෝ කොළඹ අපරාධ කොට්ඨාශයට

    කොළඹ අගරදගුරු මැල්කම් කාදිනල් රංජිත් හිමියන් අද පෙරවරුවේ කොළඹ අපරාධ කොට්ඨාශයට ගොස් බොරැල්ල සියලු ශාන්තුවරුන්ගේ දේවස්ථානයේ බෝම්බය සම්බන්ධයෙන් කෙරන විමර්ශන වලට අදාලව රදවා සිටින ෆැන්සිස් මුනීද්‍රන් නැමැති දේවස්ථාන සේවකයා මුණගැසී සුවදුක් විමසා තිබේ.

    කාදිනල් හිමියන් එම සේවකයා මුණ ගැසී බොහෝ වේලාවක් ඔහු සමඟ කථාබහක නිරතවීමෙන් අනතුරුව කොළඹ අපරාධ කොට්ඨාශයේ සිට පිටව ගියේ එම ස්ථානයේ රැස්ව සිටි මාධ්‍යෙව්දීන්ට කිසිවක් නොකියාය.

    කාදිනල් හිමියන් එහි පැමිිණෙන විට විශේෂ ආරක්ෂාවක් කොළඹ අපරාධ කොට්ඨාශය තුළත් පිටතත් ක්‍රියාත්මක වී තිබුණි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img