ලොව විශාලතම සමාජ ජාල වෙබ් අඩවිය ලෙස සැලකෙන ෆේස්බුක් හී දෛනික පරිශීලකයන් සංඛ්‍යාව ඉතිහාසයේ පළමුවරට පහල ගොස් තිබේ.
ෆේස්බුක් වෙබ් අඩවියේ හිමිකාරිත්වය දරණ මෙටා සමාගම සදහන් කරන ආකාරයකට සිය දෛනික පරිශීලකයන්ට සංඛ්‍යාව ඉකුත් වසරේ අවසන් මාස තුනක කාලයේදී පහළ ගොස් ඇත.
ඒ අනුව 2021 වර්ෂයේ අවසන් මාස තුනේදී ෆේස්බුක් හී දෛනික පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 1.929 ලෙසට වාර්තා වු බව මෙටා සමාගම සඳහන් කරයි.
කෙසේවෙතත් 2021 වර්ෂයේ තෙවන කාර්තුවේදී ෆේස්බුක් වෙබ් අඩවියෙහි දෛනික පරිශීලකයන් සංඛ්‍යාව බිලියන 1.930 වූ බවද මෙටා සමාගම සඳහන් කරයි.
ඒ අනුව මෙම තත්ත්වය තරඟකාරී සමාජ මාධ්‍ය වෙබ් අඩවි ජනප්‍රිය වීම හේතු වී ඇති බවත්, ටික්ටොක්, යූ ටියුබ් වැනි වෙබ් අඩවි මේ වන විට විශාල පිරිසක් පරිශීලනය කරන බවත් මෙටා සමාගම පෙන්වා දෙයි.
පවතින තත්ත්වය හමුවේ ෆේස්බුක් හිමිකාර මෙටා සමාගමේ කොටස් මිල සියයට 20කින් පහළ ගොස් තිබේ.
ඒ අනුව මෙටා සමාගමේ කොට මිල පහළ යාම හේතුවෙන් කොටස් වෙළෙඳපොළ වටිනාකම ඇමරිකානු ඩොලර් බිලියන 200කින් පමණ පහළ ගොස් තිබීමද විශේෂත්වයකි.
මේ අතර මෙටා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී මාර්ක් සකර්බර්ග් පවසා ඇත්තෙ නව පරපුර තරගකාරී සමාජ මාධ්‍ය වෙබ් අඩවි වෙත යොමුවීම මෙම තත්ත්වයට හේතුව වී ඇති බවයි.
මේවබන විට ෆේස්බුක් වෙත වැඩිම බලපෑමක් ටික්ටොක් වෙබ් අඩවියෙන් එල්ල වෙමින් පවතින අතර ලොවපුරා තරුණ පරපුර අතර එය ඉතාම වේගයෙන් ජනප්‍රිය වෙමින් පවතී.