නාසා ආයතනය විසින් 2030 වර්ෂයෙන් පසු ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පැසිපික් මුහුදට කඩා වැට්ටවීමට තීරණය කර ඇත.
ඒ අනුව මෙතෙක් අභ්‍යාවකාශ මෙහෙයුම කටයුතුවල නිරතවූ ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය 2030 වර්ෂයෙන් පසුව විශ්‍රාම ගැන්වීමට නාසා ආයතනය සැලසුම්කර තිබේ.
දැනට සැලසුම්කර ඇති පරිදි ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පැසිපික් මුහුදේ පොයිට් නීමෝ වෙත කඩා වැට්ටවීමට නියමිතය.
ඒ අනුව ඉදිරියේදී අභ්‍යාවකාශ මෙහෙයුම සඳහා පුද්ගලික අංශයට වැඩි ඉඩක්දීමට නියමිත බවද නාසා ආයතන සඳහන් කරයි.
අද වන විට පුද්ගලික අංශය තාක්ෂණික වශයෙන් සහ මූල්‍යමය වශයෙන් පෘථිවි කක්ෂයේ අභ්‍යාවකාශ මධ්‍යස්ථාන ඉදිකිරීමට හැකියාව පවතිනවා. ඒ සඳහා අවශ්‍ය සහය නාසා ආයතනයට ලබාදීමත් හැකියාව පවතිනවා. ඒ අනුව අපි ලබාගත් දැණුම පුද්ගලික අංශය සමඟ බෙදා ගැනීමටත් බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් නාසා ආයතනයේ වානිජ අභ්‍යාවකාශ කටයුතු පිළිබඳ අධ්‍යක්ෂ ෆිල් මැක්ඇලිස්ටර් සඳහන් කරයි.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථාන කඩා වැට්ටවීමට සැලසුම්කර ඇති ප්‍රදේශය සුවිශේෂීය. පැසිපික් මුහුදේ පිහිටි පොයින්ට් නීමෝ නැමති මෙම ප්‍රදේශය සමුදුරේ මිනිස් වාස භූමියකින් දුරින්ම පිහිටි ස්ථානය වේ. එයට ආසාන්නම භූමිය සැතපුම් 2000ක දුරකින් පිහිටා තිබේ.
ඒ අනුව මෙම ප්‍රදේශය මිනිස් වාස භූමියකින් දුරස්ථව පිහිටීම හේතුවෙන් අභ්‍යාවකාශ සුනුබුන් පෘථිවියට පතිත කරවීමට බහුලව යොදාගනු ලබයි.
දැනට වාර්තා වන අන්දමට 1971 සිට අභ්‍යාවකාශ මෙහෙයුම් වල නිරතවන රටවල් අභ්‍යාවකාශ සුනුබුන් කොටස් 263කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදේශයට පතිත කරවා ඇත.
ජාත්‍යන්තර අභ්‍යාවකාශ මධ්‍යස්ථානය පෘථිවි කක්ෂයේ පිහිටුවා ඇති අභ්‍යාවකාශ මධ්‍යස්ථානයකි. මෙම අභ්‍යවකාශ මධ්‍යස්ථානය පෘථිවියේ සිට පියවි ඇසින් දැකගැනීමට හැකිය. එය පෘථිවි පෘෂ්ඨයෙන් දළ වශයෙන් කිලෝමීටර් 408 ක් (හැතැප්ම 253) උසින් පවතින අතර එය පැයට කිලෝමීටර් 27,580 ක දළ වේගයකින් ගමන් කරමින් දිනකට කක්ෂ 15.49 ක් සම්පූර්ණ කරයි.