
මත්ද්‍රව්‍ය භාවිතාකර රථවාහන පදවන රියදුරන් නීතියේ රැහැනට හසුකර ගැනීමට විශේෂ මෙහෙයුමක් දියත්කරන බව රථවාහන අංශය භාර ජ්‍යෙෂඨ නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහන මහතා සදහන් කරයි.
මත්පැන් භාවිතා කිරීම සම්බන්ධයෙන් නිරන්තර පරීක්ෂණ සිදු වුනත් ගංජා හෙරොයින් අයිස් වැනි මත්ද්‍රව්‍ය භාවිතා කර රථවාහන පදවන රියදුරන් කොටු කර ගැනීම සම්බන්ධයෙන් මෙහෙයුම් ක්‍රියාත්මක නොවූ බව අජිත් රෝහන මහතා කීය.
නමුත් මෙම සතියේ සිට අඛණ්ඩව එම මෙහෙයුම් ආරම්භකරන බවත් ඒ සම්බන්ධයෙන් වූ පරීක්ෂණ කට්ටල ශ්‍රී ලංකා පොලීසිය සතුව මේ වන විට ඇති බවත් අජිත් රෝහන මහතා සඳහන් කළේය.