Home උණුසුම් පුවත් “මුලින් පරිප්පු ගේන්න ඕන- වාහන ලංකාවේ හදමු”

“මුලින් පරිප්පු ගේන්න ඕන- වාහන ලංකාවේ හදමු”

“මුලින් පරිප්පු ගේන්න ඕන- වාහන ලංකාවේ හදමු”

ශ්‍රී ලංකාව දේශීයව වාහන නිෂ්පාදනය කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බව මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා තිබේ.

වාහන ආනයනය තහනම ඉදිරියේදී ඉවත් කරන්නේ ද යන්න පිළිබඳ රජයේ ස්ථාවරය පිළිබඳ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබාදෙමින් ඔහු මේ බව සඳහන් කර ඇත.

ඇමැති බැසිල් රාජපක්ෂ එහිදී පවසා ඇත්තේ “වාහන ගෙන්වන්න කලින් පරිප්පු ගේන්න ඕන. හෙට උදේ වන විට පරිප්පු කන්ටේනරයක් නිදහස් කරන්නේ කෙසේද යන්න පිළිබඳවයි මම බලන්නේ. අපි කෙසේ හෝ දේශීයව මෝටර් රථ නිෂ්පාදනය කරමු” යැයි ඔහු පවසා තිබේ.

මේ අතර, ඉදිරියේදී විදුලි වාහන ආනයනය කිරීමට රජය ප්‍රමුඛත්වය දෙන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මීට පෙර ප්‍රකාශ කළේය.

2022 ජනවාරි 18 වැනි දින පැවැති ශ්‍රී ලංකා 09 වැනි පාර්ලිමේන්තුවේ දෙවැනි සැසිවාරයේදී රජයේ ප්‍රතිපත්ති ප්‍රකාශය ඉදිරිපත් කරමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here