දිවයිනේ ප්‍රදේශ රැසක අද විදුලි බිඳ වැටීම් වාර්තා විය.
ඇතැම් ප්‍රදේශවලට පැයක පමණ ද ඇතැම් ප්‍රදේශවලට පැය කිහිපයක විදුලි බිද වැටීම් ද වාර්තා විය.
අද දිනයේ විදුලි කප්පාදුවක් සිදු නොවන බවට නිලධාරීන් සහතික වීමෙන් පසුව වුවද මෙම තත්ත්වය ඇති විය.
නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයේ තුන්වන ජනන යන්ත්‍රය අද යළි ක්‍රියා විරහිත වීම හේතුවෙන් ජාතික විදුලිබල පද්ධතියට මෙගාවොට් 270ක විදුලි බලයක් අහිමි විය.
දෙසැම්බර් මාසයේ සිදු වූ කාර්මික දෝෂයක් අලුත්වැඩියා කිරීමෙන් පසුව පසුව තුන්වන විදුලි ජනක යන්ත්‍රය යළි ක්‍රියාත්මක වූයේ ඊයේ දිනයේදීය.