Home උණුසුම් පුවත් පාම් තෙල් ආනයන බදු මිල අඩුවෙයිද?- රජය දුන්නු උත්තරේ

පාම් තෙල් ආනයන බදු මිල අඩුවෙයිද?- රජය දුන්නු උත්තරේ

පාම් තෙල් ආනයන බදු මිල අඩුවෙයිද?- රජය දුන්නු උත්තරේ

ගුණාත්මකභාවයෙන් යුත් පොල්තෙල් ආනයන බදු පිළිබඳ රජය සාකච්ඡා කරමින් තිබෙන බව කැබිනට් සම-ප්‍රකාශක අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පවසයි.

පාම්තෙල් ආනයන බදු අඩුකිරීමට රජයේ සූදානමක් තිබේද යන්න පිළිබඳ අද කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මාධ්‍යවේදියකු විමසා තිබුණි.

එහිදී අමාත්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ දැනට පාම් තෙල් ආනයනය කිරීමට හැක්කේ බිස්කට් ආදී ආහාර වර්ග නිෂ්පාදනය කරන සීමිත සමාගම් සංඛ්‍යාවකට පමණක් බවය.

කෙසේ වෙතත් පාම් තෙල් ආනයන බදු ගැන එවැනි තීරණයක් මෙතෙක් ගෙන නැතැයි අමාත්‍යවරයා කීය .

ගුණාත්මක භාවයෙන් යුතු පොල්තෙල්  බදු සංශෝධනයක් පිළිබඳ රජයේ අවධානය යොමු වී ඇතැයි හෙතෙම පැවැසීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here