Home උණුසුම් පුවත් ලිත් නඩුවෙන් බැසිල් නිදහස්

ලිත් නඩුවෙන් බැසිල් නිදහස්

0
ලිත් නඩුවෙන් බැසිල් නිදහස්

මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ හා දිවි නැගුම සංවර්ධන දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් කිත්සිරි රණවක මහත්වරුන්ට එරෙහිව පැවති ලිත් නඩුවෙන් ඔවුන් දෙදෙනාව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් දමිත් තොටවත්ත මහතා විසින් අද නිදොස් කොට නිදහස් කරනු ලැබීය.

ඒ විත්තියේ සාක්ෂි කැදවීමකින් තොරවය.

තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු දමිත් තොටවත්ත මහතා සඳහන් කරනු ලබන්නේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කළ සාක්ෂි චෝදනා ඔප්පු කිරීමට නොව බැහැර කිරීමට හේතුවී ඇති බවය.

2015 වසරේ පැවති ජනාධිපතිවරණ සමයේදී දිවි නැඟුම සංවර්ධන දෙපාර්තමේන්තුවට අයත් රුපියල් දෙකෝටි අනූහතර ලක්ෂයක් වැයකර එවකට ජනාධිපති අපේක්ෂක මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත ලිත් ලක්ෂ 50 ක් මුද්‍රණය කර බෙදා හැරීම සම්බන්ධයෙන් නීතිපතිවරයා විසින් මෙම නඩුව ගොනුකර තිබුණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here