තවත්
    මුල් පිටුවදේශීය පුවත්උණුසුම් පුවත්හත්වැනි මහලෙන් පැන්න සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවන රහස්

    හත්වැනි මහලෙන් පැන්න සිසුවාගේ පශ්චාත් මරණ පරීක්ෂණයෙන් හෙළිවන රහස්

    බම්බලපිටියේ නිවාස සංකීර්ණයක හත් වැනි මහලෙන් බිමට ගැටීමෙන් මරණයට පත්වූ සිසුවාගේ මරණය සම්බන්ධයෙන් කළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී අනාවරණය වී ඇත්තේ එම සිසුවා ගේ සිරුරේ අයිස් නැමැති මත්ද්‍රව්‍ය ශරීරගතව ඇති බවයි.

    එසේම මෙම සිසුවා ඒඩ්ස් ආසාදිත බව ද තහවුරු වී ඇත.

    සිසුවා අයිස් මත්ද්‍රව්‍ය මත් ද්‍රව්‍ය භාවිතයට ඇබ්බැහි ව සිට ඇති බවද ඒ සම්බන්ධයෙන් කළ මූලික විමර්ශනවල දී පෙනීගොස් තිබේ .

    තට්ටු ගොඩනැගිල්ලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරික්ෂා කිරීමේදී සිසුවා ඉහළ මහලට ගමන් කරන අයුරු පෙනී යන බවද පොලීසිය කියයි. එසේම වෙනත් පුද්ගලයෙක් ඔහු පසු පසින් ගමන් කිරීමක් හෝ ඉහළ මහලේ රැඳී සිටින බවක් අනාවරණය නොවන බැවින් සිසුවා බිමට පැන ඇති බව පෙනී යන්නේ යැයි උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය.

    මෙම සිසුවාගේ පියා ව්‍යාපාරිකයෙක් වන අතර මව ගෘහණියකි. මෙම සිසුවා එම පවුලේ එකම දරුවා ය. ජාත්‍යන්තර පාසලක ඔහු අධ්‍යාපනය ලැබීය. මෙම දරුවා ඇසුරු කර සෙසු මිතුරන් සම්බන්ධයෙන් ඉදිරි විමර්ශන පැවැත්වෙන බව පොලිසිය කියයි.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img