Home උණුසුම් පුවත් “ආණ්ඩුව කියූ කයිවාරුවල හැටියට ඇමරිකාවටත් ආර්ථිකේ ගැන ටියුෂන් දෙයි කියලා හිතුණේ”- විපක්ෂ නායක

“ආණ්ඩුව කියූ කයිවාරුවල හැටියට ඇමරිකාවටත් ආර්ථිකේ ගැන ටියුෂන් දෙයි කියලා හිතුණේ”- විපක්ෂ නායක

“ආණ්ඩුව කියූ කයිවාරුවල හැටියට ඇමරිකාවටත් ආර්ථිකේ ගැන ටියුෂන් දෙයි කියලා හිතුණේ”- විපක්ෂ නායක

වත්මන් ආණ්ඩුව මැතිවරණයට කලින් කියූ කයිවාරුවල හැටියට ආර්ථිකය ගොඩදාන හැටි ගැන ඇමරිකාවටත් ටියුෂන් දෙයි කියා තමන් සිතූ බව විපක්ෂ නායක, සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

“සෞභාග්‍යයේ දැක්මෙ තියෙන විදිහට මේ රටේ දුප්පත්කම කෞතුකාගාරයට දායි කියලයි මිනිස්සු හිතුවේ. එහෙත් අද සිදුවන්නේ මේ සියල්ල කනපිට හැරීමයි.

ඒ දවස්වල බලය වෙනුවෙන් වඳ කොත්තු ගැන කතා කොට ජාතිවාදය අවුස්සපු උදවිය අද පකිස්ථානයෙන් ණයට සහල් ඉල්ලන තත්ත්වයට පත්ව තිබෙනවා.

මැතිවරණය දිනන්න කලින් ගොවියෝ ගැන කතා කරපු හැටියට චීනටත් හාල් දෙයි. කියලයි මිනිස්සු හිතුවේ.. දියර පොහොර වලිනුත් ගැහුවා මේ ආණ්ඩුව.. ගොවීන්ට වන්දි ඉල්ලන්න ගියාම එක එක කොන්දේසි දානවා. හැබැයි කුණු චීන පොහොර ගෙන්වූ ආයතනවලට කිසිම කොන්දේසියක් නැතුව ඩොලර් ලක්ෂ හයසිය හැත්තෑවක් ගෙව්වා.

මේ ආණ්ඩුව බලය ගන්න කලින් ගහපු කයිවාරුවල හැටියට ලංකාවේ ජාතික සම්පත් විකුණනවා වෙනුවට ඉන්දියාවේ ඉඩමුත් ලංකාවට ගනී කියා සිතු බවත් අද සිදුවන්නේ රටේ සම්පත් සියල්ල විකුණා දැමීමයි. කෝ ආණ්ඩුවේ වීරත්වය කෝ ආණ්ඩුවේ ශූරත්වය. ඔක්කොම කයිවාරු විතරයි වැඩ නෑ.”

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් හොරොව්පාතාන ගලෙන්බිදුනුවැව දී අද (31) සමගි ජනබලවේගයේ ගොවි උද්ඝෝෂණයක් පැවැත්විණි. විශාල පිරිසක් ඊට එක්ව සිටි අතර විපක්ෂනායකවරයා මෙම අදහස් පැවසුවේ එහිදීය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here