තවත්
    මුල් පිටුවCOVIDදීර්ඝ සති අන්තයේ ඇවිදින්න යන අයට පණිවුඩයක්

    දීර්ඝ සති අන්තයේ ඇවිදින්න යන අයට පණිවුඩයක්

    ඉදිරියේදී එළඹෙන දීර්ඝ නිවාඩුවේ දී ජනතාව ගැවසෙන ස්ථානවලට යාමේ දී ප්‍රවේශම් වන ලෙසත්, සෞඛ්‍ය පුරුදු අනුගමනය කරන ලෙසත්, නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේය.

    රටේම ජනතාව මෙවැනි දීර්ඝ නිවාඩු වලදී ගමන් යාමට පෙළඹෙන බැවින් හැකි තරම් නිස්කලංක තැනකට යාමටත්, අවධානමකට ලක්වීමෙන් වැළකීම සඳහා හැකිනම් ගමන් නොගිහින් සිටීමට උත්සාහ කරන ලෙසත් වෛද්‍යවරයා ජනතාවගෙන් ඉල්ලා සිටියි.

    මෙරට මිලියන 15කට ආසන්න ප්‍රමාණයක් දෙවන මාත්‍රාව ලබාගෙන සිටියද, තවමත් තුන්වන මාත්‍රාව ලබාගෙන ඇත්තේ මිලියන 05ක් පමණ පිරිසක් පමණක් බැවින් ඉතිරි මිලියන 10 එන්නත ලබාගැනීමට සිටින බවද ඔහු අවධාරණය කළේය.

    ඔමික්‍රෝන් වෛරස ප්‍රභේදනයට එරෙහිව නිපදවන බූස්ටර් එන්නත පිළිබදව ලොව පුරා බොහෝ කරුණු සාකච්ඡා වන බවද, මෙරට සෞඛ්‍ය අංශද ඒ පිළිබදව විමසිල්ලෙන් පසුවන බවත් පැහැදිලි තොරතුරක් ලැබුණු වහාම ඒ පිළිබඳ කටයුතු කරන බවත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසුවේය.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img