Home ජීවන රටාව ස්ත්‍රී පුරුෂ සමාජ පරතරයෙන් ශ්‍රී ලංකාව 116 වැනි තැනට

ස්ත්‍රී පුරුෂ සමාජ පරතරයෙන් ශ්‍රී ලංකාව 116 වැනි තැනට

0
ස්ත්‍රී පුරුෂ සමාජ පරතරයෙන් ශ්‍රී ලංකාව 116  වැනි තැනට

ලෝක ආර්ථික සමුළුවේ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද 2021 වසරේ වාර්තාවට අනුව ලොව රටවල් 156 ක් අතරින් ශ්‍රී ලංකාවට හිමිව ඇත්තේ 116 වැනි ස්ථානයයි.

කාණ්ඩ කිහිපයක් යටතේ කර ඇති එම වර්ගීකරණයේ , ස්ත්‍රි පුරුෂ සමාජ භාවයට අනුව සෞඛ්‍යමය අවස්ථා හිමිවීම් සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව සිටින්නේ 30 වැනි ස්ථානයේ ය. අධ්‍යාපනය සම්බන්ධයෙන් 88 වැනි ස්ථානයේත් දේශපාලන බලගැන්වීම් අතරින් 90 වැනි ස්ථානයේත් ශ්‍රී ලංකාව පසුවේ.

මෙහිදී ස්ත්‍රී පුරුෂ සමාජ භාවය අනුව ආර්ථික අවස්ථා හිමිවීම අතින් ශ්‍රී ලංකාව සිටින්නේ 132 වැනි ස්ථානයේය.

සමස්ථයක් ලෙස ගත්කළ ස්ත්‍රී පුරුෂ සමාජ භාවය පිළිබද පරතරයට අනුව දකුණු ආසියාවේ රටවල් අතර ශ්‍රී ලංකාව සිටින්නේ 03 වැනි ස්ථානයේය. එහි 01 වැනි ස්ථානය බංගලාදේශයටත් 02 වැනි ස්ථානය නේපාලයටත් හිමිව තිබේ. ඉන්දියාව සිටින්නේ 06 වැනි ස්ථානයේය. පකිස්තානයට හිමිව ඇත්තේ 07 වැනි ස්ථානයයි.

රටවල් 156 න් පළමු වැනි ස්ථානය අයිස්ලන්තයට හිමිව ඇති අතර අවසාන තැනට පත්ව සිටින්නේ ඇෆ්ගනිස්ථානයයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here