ගැරඬි ඇල්ලේ දියනෑමට ගොස් සැඩ පහරට හසුවී අතුරුදන් වූ පස්වැනියාගේ සිරුරත් පැය ගණනක් පුරා සිදු කළ මෙහෙයුමකින් පසු අද (30) පස්වරුවේ සොයා ගෙන තිබේ.
අතුරුදන්ව සිටි 22 හැවිරිදි තරුණියගේ සිරුර මෙසේ සොයාගෙන ඇතැයි වාර්තා වේ.
ඇටම්පිටිය – නාවල පාරේ පදිංචි 11 දෙනෙකුගෙන් යුත් කණ්ඩායමක් ඊයේ (29) පස්වරුවේ ගැරඬි ඇල්ලේ දියනෑම සඳහා පැමිණ තිබුණි.
මොවුන් දියනාමින් සිටියදී ජල පහරට හසුව තරුණියන් සිව්දෙනෙකු සහ තරුණයෙක් ගසාගෙන ගොස් ඇත.
ඒ අතර අවුරුදු 19ත් 23ත් අතර වයස්වල පසුවන තරුණියන් සිව්දෙනකු සහ 23 හැවිරිදි තරුණයකු සිටි බව වාර්තා විය.
ඉන් සිව් දෙනෙකුගේ සිරුරු පසුව සොයාගැනුනේ ප්‍රදේශවාසීන්ගේද සහාය ඇතිව පොලීසිය දියත් කළ මෙහෙයුමකදීය.
මිය ගිය අය අතර එකම පවුලේ සොහොයුරියන් දෙදෙනෙකු ද වන බව සඳහන් ය.