තවත්
    මුල් පිටුවCOVID"මෙරට වෛද්‍යවරුන් පවා 90%ක්ම එන්නත අරන්- අනෙක් අය කටකතා අහලා නිකම් ඉන්නවා"-...

    “මෙරට වෛද්‍යවරුන් පවා 90%ක්ම එන්නත අරන්- අනෙක් අය කටකතා අහලා නිකම් ඉන්නවා”- මහාචාර්ය අගම්පොඩි

    ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් 90%ක්ම පූර්ණ එන්නත්කරණයට ලක්ව ඇති අතර තම දරුවන්ට පවා කොවිඩ් එන්නත ලබාගෙන ඇති බව මහජන සෞඛ්‍ය විශේෂඥ, බෝවන රෝග සහ වසංගත රෝග විද්‍යාඥ, රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය සුනෙත් අගම්පොඩි මහතා පවසයි.

    ඔහු පෙන්වා දෙන්නේ වෛද්‍ය ප්‍රජාව එසේ එන්නත ලබාගෙන කොවිඩ්වලින් දිවිගලවා ගන්නා විට ඇතැමුන් තවමත් වෛද්‍යවරුන් පවසන දේ නොඅසා සමාජ ජාලවල කටකතා අසමින් එන්නත නොගෙන ජීවිත අවදානමේ හෙළමින් සිටින බවය.

    එමෙන්ම COVID-19 ආශ්‍රිත ගෝලීය ළමා මරණ සංඛ්‍යාව 14,000 ඉක්මවා තිබෙන බව මහාචාර්යවරයා අනාවරණය කරයි.

    මෙම කොවිඩ් ළමා මරණවලින් සැලකිය යුතු සංඛ්‍යාවක් සඳහා මරණ වරෙන්තුව ලියා ඇත්තේ ඔවුන්ගේම දෙමව්පියන් විසින් බව ‍මහාචාර්යවරයා කියාසිටී.

    එන්නත් විරෝධීන් විසින් එම ළමා කොවිඩ් මරණවලට පසුබිම සලසා ඇතැයි ඔහු චෝදනා කරයි.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img