තවත්
    මුල් පිටුවදේශීය පුවත්බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ගම්මානය

    බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් ගම්මානය

    බෙයිජිං ඔලිම්පික් උළෙලේ චංජියාකෝ සහ යැංචිං යන ප්‍රධාන තරග කලාප ආශ්‍රිත ශීත ඍතු ඔලිම්පික් ගම්මාන මේ වනවිට විවෘත කර ඇත.

    ක්‍රීඩක ක්‍රීඩිකාවන් විදේශීය නියෝජිතයන් සහ ජනමාධ්‍යවේදීන් සඳහා අවශ්‍ය සියලු පහසුකම් මෙම ගම්මානවල ස්ථාපනය කර තිබේ.

    රටවල් සහ කලාප 20 කට වැඩි සංඛ්‍යාවක් නියෝජනය කරන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙන්ම නිලධාරීහු 300 කට අධික සංඛ්‍යාවක් ඔලිම්පික් ගම්මාන වෙත එදිනම (27) දින පිළිගනු ලැබූහ.

    බෙයිජිං ඔලිම්පික් ගම්මානයට රටවල් 44කින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ නිලධාරීන් 1700කට ආසන්න පිරිසක් පැමිණෙනු ඇතැයි වාර්තා වේ.

    ක්‍රීඩක ක්‍රීඩිකාවන් සහ සෙසු සියලුදෙනාගේ සුරක්ෂිතභාවය විශිෂ්ට ලෙස සහතික කර ඇති මෙම පරිශ්‍රවල, පැය 24 පුරාම උසස් තත්ත්වයේ නවාතැන්, ආහාරපාන, සැපයුම් සහ වෙනත් ආධාරක සේවා ක්‍රියාවට නංවා ඇත.

    මේ අතර, බෙයිජිං ශීත ඍතු ඔලිම්පික් උළෙලේදී චීනය නියෝජනය කරන ක්‍රීඩක කණ්ඩායම පරේදා (28) නිල වශයෙන් ප්‍රකාශයට පත් කළේය.

    චීන ක්‍රීඩක ක්‍රීඩිකාවන් වැඩිම සංඛ්‍යාවක් මෙවර උළෙලට සහභාගි වීම විශේෂත්වයකි.

    රමේෂ් වරල්ලෙගම

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img