තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්හමුදා සේවයේ සිටියදී වූ අමතක නොවන සිදුවීම් දෙකක් ජනපති සිහිපත් කරයි

    හමුදා සේවයේ සිටියදී වූ අමතක නොවන සිදුවීම් දෙකක් ජනපති සිහිපත් කරයි

    තම යටත් නිලධාරින්ගේ යහපැවැත්මට සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම ආයෝජනය කරන විට ඔවුන් ඔවුන්ට හැකි සෑම දෙයක්ම ඔබ වෙනුවෙන් ඉටු කරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසයි.

    ඔවුන්ගේ යහපැවැත්ම සහ සාර්ථකත්වය වෙනුවෙන් අවංකවම කැපවීමෙන් ඇතිවන ප්‍රබල බලපෑම පිළිබඳ තමන් හොඳින්ම දන්නා බව ද ජනාධිපතිවරයා සිහිපත් කළේ තමන් හමුදා සේවයේ සිටියදී වූ අමතක නොවන සිදුවීම් දෙකක් සිහිපත් කරමිනි.

    ගුවන් හමුදා ඉතිහාසයේ නිලධාරීන් වැඩිම පිරිසක් එකවර විසිර ගිය පළමු අවස්ථාව ලෙස සනිටුහන් කරමින් කටුනායක ශ්‍රී ලංකා ගුවන් හමුදා කඳවුරේ අද (29) පෙරවරුවේ පැවති ගුවන් හමුදා අධිකාරියටපත් නිලධාරීන්ගේ විසිරයාමේ පෙළපාලිය අමතමින් ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේය.

    හැකියාවන් වර්ධනය කර ගනිමින් වෘත්තීය ජීවිතයේ ඉදිරියටම යාම තරුණ නිලධාරීන්ගේ යුතුකම බව ජනාධිපතිවරයා පැවසීය.

    දැනුම අඛණ්ඩව වැඩිදියුණු කිරීමට කුසලතා වර්ධනයෙන් සහ අත්දැකීම් තුළින් ලබා දෙන පාඩම් ඉගෙනීමට වෙහෙසී ක්‍රියා කළ යුතු බව ජනාධිපතිවරයා කියා සිටී.

    වසර 70කට අධික කාලයක් ගුවන් හමුදාව මාතෘභූමියට ලබා දුන් සේවය හා ජාතිය ගොඩනැඟීමේදී මෙන් ම ජාතික ආරක්ෂාව පවත්වාගෙන යාමේදී කළ මෙහෙවර ජනාධිපතිවරයා විසින් ඇගයීමට ලක් කෙරිණ.

    හමුදාවේ තාක්ෂණික හස්තයක් ලෙස ගුවන් හමුදාවෙන් පූර්ණ නිපුණත්වයක් අපේක්ෂා කෙරේ. ඒ සඳහා නව්‍ය තාක්ෂණයෙන් ගුවන් හමුදා නිලධාරීන්ගේ වෘත්තීයභාවය නිතැතින් පරිපූර්ණ විය යුතු ය.

    පාඨමාලා කාණ්ඩ 06ක් යටතේ වසර තුන හමාරත්, හතර හමාරත් අතර කාල පරාසයක් තුළ පුහුණුව නිම කළ කෙඩෙට් නිලධාරීහු 153 ක් අධිකාරියට පත් ව අද විසිර ගියහ.

    ගුවන් හමුදා පියාසර කෙඩෙට් නිලධාරීහු විසි දෙදෙනෙකුට හා කාන්තා පියාසර නිලධාරිනියන් හය දෙනෙකුට ජනාධිපතිවරයා විසින් පියාසර නිල ලාංඡනය පැළඳවිණ.

    සියලු ම පාඨමාලාවන්හි විශිෂ්ට දක්ෂතා දැක්වූ කෙඩෙට් නිලධාරීහු 14දෙනෙක් ජනාධිපතිවරයා අතින් සම්මාන ලබා ගත්හ.

    ගුවන් හමුදා තූර්ය වාදන කණ්ඩායම ඉදිරිපත් කළ සංදර්ශනය නැරඹූ ජනාධිපතිවරයා විසිර යන නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියේය.

    ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ මහතා ජනාධිපතිවරයාගේ පැමිණීම සනිටුහන් කරමින් සමරු තිළිණයක් පිරිනැමූ අතර අනතුරුව ජනාධිපතිවරයා විසින් ගුවන් හමුදා කඳවුරේ තබා ඇති විශේෂ සමරු ග්‍රන්ථයේ සටහනක් තැබිණ.

    ආරක්ෂක ලේකම් ජෙනරාල් කමල් ගුණරත්න, ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් සුදර්ශන පතිරණ යන මහත්වරු, ගුවන් හමුදා අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයෝ, නිලධාරීහු, සෙසු නිලයෝ, නව නිලධාරින්ගේ ඥාතීහු ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක් ව සිටියහ.

    එම අවස්ථාවට සහභාගි වෙමින් ජනාධිපතිවරයා කරන ලද සම්පූර්ණ කතාව පහත දැක්වේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img