
බම්බලපිටියේ පිහිටි තට්ටුනිවාස සංකීර්ණයක 07 වෙනි මහලෙන් බිමට වැටී 15 හැවරදි සිසුවෙක් මිය යාමක් සම්බන්ධයෙන් පොලීසිය පුළුල් විමර්ශන ආරම්භකර තිබේ.
ජාත්‍යන්තර පාසලක අධ්‍යාපනය ලබන එම සිසුවා මෙසේ අවාසනාවන්ත ලෙස මරණයට පත්ව ඇත්තේ ඊයේ සවස පාසල් නිමවී නිවසට පැමිණි අවස්ථාවේදීය.
දරුවාගේ පියා ව්‍යාපාරිකයෙක් වන අතර මව ගෘහණියකි. එම අවස්ථාවේදී මව වැල්ලවත්තේ සිය හිතවතෙකුගේ දානමය පිංකමකට සහභාගිවීමට ගොස් සිට ඇත.
දරුවා පාසල නිවමවී නිවසට පැමිණ මවට දුරකතන ඇමතුමක් දී ඇති අතර ගොඩනැගිල්ලෙන් බිමට වැටී ඔහුගේ මරණය සිදුව ඇත්තේ එම ඇමතුමෙන් පසුව බව විමර්ශන වලින් පෙනී ගොස් තිබේ.
තට්ටු 07 කින් යුත් මහල් නිවාසයේ ඉහළම මහලෙන් දරුවා බිමට වැටුණු ස්ථානයේ අඩි 04 ක පමණ ආරක්ෂක බැම්මක් ඇති බවත් එම ආරක්ෂක බැම්මෙන් බිමට වැටීම හෝ පැනීම පහසුවෙන් කළ නොහැක්කක් බැවින් මෙම මරණය සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.
ගොඩනැගිල්ලෙහි ආරක්ෂක කැමරා පද්ධතියේ දත්තයන් පවා පරීක්ෂා කරමින් ඉදිරි විමර්ශන සිදුවන බවත් දරුවාගේ ජංගම දුරකතනයේ විශ්ලේෂණයක්ද සිදු කිරීමට නියමිත බවත් පොලීසිය සඳහන් කරයි.