අද වන විට රටේ ක්‍රියාත්මක වෙමින් පවතින්නේ පාලකයින්ට සියලු සුභසාධනය හිමිවීමත්, ජනතාවට කිසිවක් හිමි නොවීමත් යයි විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා අද (25) පැවසීය.
සමාජයකට බහුතරයක් වූ දුප්පත් ජනතාව ආරක්ෂා කරන්නට බැරිනම්, සුළුතරයක් වූ පොහොසතුන් ආරක්ෂා කිරීමට නොහැකි යැයි ජෝන් එෆ් කෙනඩි ජනාධිපතිවරයා පවසා ඇතැයි ද පැවසූ, විපක්ෂ නායකතුමා තමන්ට කිසිවිටෙක නිහඩ බහුතරය අමතක කළ නොහැකි යැයිද පැවසීය.
සමගි ජන බලවේගයට අනුබද්ධ සමග සේවක සංගමයේ පළමු සංවත්සර උත්සවය අද (25) කොළඹ නව නගර ශාලාවේ දී පැවැත්විණි.
ඒ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ප්‍රමුඛ දේශපාලන නායකකාරකාදීන් රැසකගේ සහභාගිත්වයෙනි.
එහිදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වැඩිදුරටත් මෙසේද කීය.
“මෑතකදී ප්‍රසිද්ධියට පත් කරපු වාර්තා දෙකක් ගැන එක වාර්තාවක් උග්‍ර පෝසතුන් ගැන. අපේ රටෙත් ඒ වගේම වාර්තාවක් පළ වුණා අපේ රටෙත් පෝසතුන් කොට්ඨාසයක් ගැන ඒ වගේම. ප්‍රධාන දහ දෙනා එක හා සමානයි. කෝවිඩ් සමයේ උග්‍ර පෝසතුන් තවත් පොහොසත් පොහොසත් වෙලා. අපේ රටේත් එහෙමයි. කෝටිපතියන් ප්‍රධානීන් තව තවත් පොහොසත් වෙලා. ඔක්ස්ෆෑම් වාර්තාව කියනවා අර top ten කෝටිපතියන් තවත් පොහොසත් උනාට දුප්පතුන් බහුතරය තවතවත් දුගීභාවයේ පතුලටම ගිහින්. මෙහෙත් එහෙමයි. අද ජනතාවට වේල් තුන පිරිමහ ගන්න බෑ.අපේ දරුවන්ට විභාග ලියන්න තියෙනවා විදුලි සැපයුම් අඛණ්ඩව කර ගන්න බැරි සූරවීර ආණ්ඩුවක් මේක.”
සමගි ජන බලවේගය නියෝජනය කරන වෘත්තීය සමිති නියෝජිතයින් විශාල පිරිසක් එම අවස්ථාවට එක්ව සිටියහ.