තවත්
    මුල් පිටුවඋණුසුම් පුවත්මෙරට විශ්වවිද්‍යාලයකින් පළමු වතාවට ටීවී චැනල් එකක්

    මෙරට විශ්වවිද්‍යාලයකින් පළමු වතාවට ටීවී චැනල් එකක්

    මෙරට විශ්වවිද්‍යාලයකින් ආරම්භ කරන ප්‍රථම රූපවාහිනි නාලිකාව වන (VAPA TELEVISION) වාපා ටෙලිවිෂන් නාලිකාව පෙබරවාරි මස 02 වැනිදා සිය විකාශන කටයුතු අරඹයි.

    එදින පෙරවරු 9.15 ට සුභ මූර්තියෙන් වාපා නාලිකාව සිය විකාශන කටයුතු දියත් කරයි.

    Peo TV නාලිකා 123 ඔස්සේ එය නැඹීමේ අවස්ථාව පවතී.

    මෙහි තේමා පාඨය වන්නේ ‘ටෙලිවිෂන් ආලකමන්දාව’ යන්නයි.

    මෙහි ප්‍රධාන අරමුණ වන්නේ ‘ශික්ෂා නන්දයේ’ නාලිකාව වීමයි.

    ශ්‍රී ලංකාවේ සර්වවිධ කලා ක්‍ෂේත්‍රයන්ගේ පුරෝගාමින් බහුතරයකගේ පදනම වූ සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලය තබන මෙම නව පියවර විද්‍යාර්ථීන්ගේ අපේක්‍ෂා සඵල කර ගැනීමට මහගු පිටුවහලක් වේ.

    එමෙන්ම ආදී විද්‍යාර්ථීන් සහ අධ්‍යයාපන ක්‍ෂේත්‍රයන්හි කටයුතු කරන සැමට තම නිර්මාණ, පර්යේෂණ, නවෝත්පාදන ආදිය ජනගත කිරීම සඳහා උපරිම දායකත්වය වාපා නාලිකාව තුළින් හිමි කර ගත හැකිය.

    වාපා ටෙලිවිෂන් නාලිකාව විකාශන කටයුතු ආරම්භ කිරිඔ ගුරු අධ්‍යාපන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැතිතුමාගේ සහ ගරු ජනමාධ්‍ය අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරේ. දේශීය රූපවාහිනි නාලිකා විසින් සෞන්දරිය, කලාව හෝ ශාස්ත්‍රිය සංකථන සහ කදානුබද්ධ අත්දැකීම් තෙරෙහි හෝ නූතන සමාජ ප්‍රවේශය සඳහා වෙන් කරන ගුවන් කාලය සීහිත බැවින් අහිමි වූ අවස්ථා සහ සබඳතා යලි වර්ධනය කර ගැනීමට සාරභූමියක් ලෙස අපා රූපවාහිනි නාලිකව භාවිත කළ හැකිය.

    ශ්‍රි ලාංකේය ටෙලිවිසන් වංශ කතාවේ තවමු සංධිස්ථානයක් සනිටුහන් කරන වාපා ටෙලිවිෂන් නාලිකාව සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ වත්මන් උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය (ආචාර්ය) රෝහණ පී. මහලියනආරච්චි මහතාගේ සංකල්පයක් අනුව ක්‍රියාවට නැංවේ.

    සංජීවනී එදිරිසිංහ

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img