මෙරට තුළ වසරකට ප්ලාස්ටික් හැඳි මිලියන 600 කට අධික ප්‍රමාණයක් පරිසරයට බැහැර කරන බව අනාවරණය වී තිබේ.
අමාත්‍ය මහින්ද අමරවීර පවසන්නේ මේ වන විට පරිසර අමාත්‍යාංශය ප්ලාස්ටික් හා පොලිතීන්වලින් නිෂ්පාදිත එක්වරක් පමණක් භාවිතකර බැහැරකරන භාණ්ඩ රැසක් භාවිතයෙන් ඉවත් කිරීමට කටයුතු යොදා ඇති බවයි.
ෂැෂේ පැකට්, දිරාපත් නොවන ලන්ච්ෂීට්, ඉදිආප්ප වට්ටි, ප්ලාස්ටික් හැදි, ආහාර කළතන ප්ලාස්ටික් කූරු සහ කොට්න් බඩ්, ප්ලාස්ටික් හා පොලිතින්වලින් නිෂ්පාදිත මල්මාලා , සුළං පුරවන සෙල්ලම් භාණ්ඩ, බීම බටද මීට ඇතුළත් ය.
වේවැල්, පිත්තල, මැටි හා ලී කර්මාන්ත රාජ්‍ය අමාත්‍යාංය මේ වන විට අදාළ භාණ්ඩවලට විකල්ප ද්‍රව්‍ය ප්‍රවර්ධනය කරමින් සිටි.