තවත්
    මුල් පිටුවදේශීය පුවත්පැය හතලිස් අටේ මෙහෙයුමෙන් යතුරුපැදිකරුව න් 8957 ක් නීතියේ රැහැනට

    පැය හතලිස් අටේ මෙහෙයුමෙන් යතුරුපැදිකරුව න් 8957 ක් නීතියේ රැහැනට

    ඉහළ යමින් ඇති යතුරුපැදි අනතුරු අවම කිරීමට පොලීසිය විසින් ගෙවී ගිය පැය 48 තුළ කරන ලද මෙහෙයුම්වලින් යතුරුපැදි කරුවන් 8957 දෙනෙකු නීතියේ රැහැනට හසුකරගෙන තිබේ.

    එහිදී මාර් ගයේ ධාවනයට නුසුදුසු තත්වයේ පැවැති විවිධ දෝෂ සහිත යතුරුපැදි 295ක් පොලිස් භාරයට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතීඥ අජිත් රෝහණ මහතා පැවසීය.

    බීමතින් යතුරුපැදි ධාවනය කළ යතුරුපැදි කරුවන් 264 එහිදී අත්අඩංගුවටගෙන තිබේ. ඊට අමතරව අනතුරුදායක ලෙස යතුරුපැදි ධාවනය කළ 85 දෙනෙකු ද , අධික වේගයෙන් යතුරුපැදි ධාවනය කළ 80 දෙනෙකු ද , ආරක්ෂිත හිස්වැසුම් නොමැතිව යතුරුපැදි ධාවනය කළ 1,298 දෙනෙකු ද රියදුරු බලපත්‍ර වැරදි සම්බන්ධයෙන් 875 දෙනෙකු ද , මාර් ග නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් 2,002 දෙනෙකුද මෙම මෙහෙයුමේදී නීතියේ රැහැනට හසුකරගත් බව අජිත් රෝහණ මහතා සදහන් කළේය.

    යතුරුපැදියක ගමන් කිරීමට නීතියෙන් අවසර ඇත්තේ දෙදෙනෙකුට පමණක් වූවත් අනතුරුදායක ලෙස තිදෙනෙක් ගමන් කිරීමට අදාළවද යතුරුපැදිකරුවන් 248 දෙනෙකුද නීතියේ රැහැනට මෙම මෙහෙයුමේදී හසුවී ඇතැයිද අජිත් රෝහන මහතා කීය.

    මෙම වැරදි හැරුණු කොට වෙනත් වැරදි වැරදි සම්බන්ධයෙන් 4,105 දෙනෙකු සම්බන්ධව ද කටයුතු කර ඇති බව ද අජිත් රෝහන මහතා වැඩිදුරටත්පැවසීය.

    කුමාර ජයවර්ධන

    spot_img
    spot_img

    මෙවන් පුවත් එසැනින් දැන ගන්න අපේ WhatsApp News සේවාවට එකතු වන්න.

    ඔබේ අදහස් දක්වන්න.

    spot_img
    spot_img