Home COVID නව කොවිඩ් මාර්ගෝපදේශයෙන් බූස්ටර් අනිවාර්ය ද?

නව කොවිඩ් මාර්ගෝපදේශයෙන් බූස්ටර් අනිවාර්ය ද?

නව කොවිඩ් මාර්ගෝපදේශයෙන් බූස්ටර් අනිවාර්ය ද?

බූස්ටර් මාත්‍රාව ලබා නොමැති පුද්ගලගයන් පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ අර්ධ එන්නත්කරණයට ලක්වූවන් ලෙස සළකමින් කොවිඩ් පාලනය සම්බන්ධයෙන් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නව සෞඛ්‍ය මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර තිබේ.

කොවිඩ් ආසාදිතයෙකුගේ ආශ්‍රිතයෙකු වුවද රෝග ලක්ෂණ පෙන්නුම් නොකරන්නේ නම් නිරෝධායනය නොවී තම දෛනික කටයුතුවල නිරත වියහැකි අවස්ථාව ද එමගින් සලසා දී තිබේ.

කෙසේ නමුත් කොවිඩ් රෝග ලක්ෂණ පෙන්නුම් කළහොත් ඔවුන් වහාම රැපිඩ් ඇන්ටිජන් හෝ PCR පරීක්ෂණයකට ලක්විය යුතු වේ. සම්පූර්ණ එන්නත්කරණයට ලක් වූ අයෙකු ලෙස සැලකීමට නම්, අවුරුදු 20 ට වැඩි නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දෙවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගත වී තිබිය යුතුයි . දෙවෙනි මාත්‍රාව ලබාගෙන මාස තුනකට වඩා වැඩි නම් බූස්ටර් මාත්‍රාව ලබා තිබිය යුතුයි.

වයස අවුරුදු 16-19 අතර නම් එන්නත් මාත්‍රා දෙකම ලබාගෙන දෙවැනි මාත්‍රාවෙන් සති දෙකක් ගත වී තිබිය යුතුයි.

වයස අවුරුදු 12 ත් 15 ත් අතර නම් එක් එන්නත් මාත්‍රාවක් ලබාගෙන සති දෙකක් ගත වී තිබිය යුතුයි.

මෙලෙස පූර්ණ එන්නත්කරණයට ලක් නොවූ පළමු පෙළ ආශ්‍රිතයන් සියලු දෙනා දින 7 ක කාලයක් නිවාසගත නිරෝධායනයට ලක්වීම අනිවාර්‍යවේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here