පානදුර – නන්ලුරුව දිබ්බැද්ද වෙන්දේසිවත්තේ නිවස්වලට රාත්‍රී කාලයේ ගල් සහ වීදුරු බෝතල් ප්‍රහාර එල්ලකරමින් අමනුෂ්‍ය බියක් ඇති කල පුද්ගලයාව පිංවත්ත පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත.
මාස එකහාමාරක සිට වෙන්දේසිවත්තේ ජනතාව මේ හේතුව නිසා දැඩි පීඩනයට ලක්ව සිටි අතර ඇතැම් පුද්ගලයින් නිවාස අතහැර ගොස් තිබුණි.
මේ සම්බන්ධයෙන් ජනතාව පොලීසියට පවා පැමිණිලි කළේය. ඒ අනුව පොලීසිය විමර්ශන පැවැත්වීමට පැමිණි අවස්ථාවන් වලදීද ගල් ප්‍රහාර නිවෙස්වලට එල්ලවී තිබුණි.
ඒ සම්බන්ධයෙන් නිරවුල් මනසකින් විමර්ශනයක් පැවැත්වූ පිංවත්ත පොලීසියේ නිලධාරීන් නිවාස වලට ගල් ප්‍රහාර එල්ලකල භූතයා කවුරුන්දැයි හදුනාගනිමින් ඔහුව අත්අඩංගුවට ගත්තේය. එම භූතයා එම ප්‍රදේශයේම පදිංචි 22 හැවරදි තරුණයෙක් බව පොලීසිය කියයි. අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔහුව මේ වන විට රක්ෂිත බන්ධනාගාරගතකර ඇත.
පොලීසිය පවසන්නේ මෙම පුද්ගලයා අත්අඩංගුවට ගැනීමෙන් පසු නිවෙස්වලට රාත්‍රී කාලයේ එල්ලවුණු ගල් ප්‍රහාර නතර වී ඇති බවය.